නීතිපති සංජය රාජරත්නම් වෙත මාස හයක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා නිර්දේශ කර තිබේ. අදාල නිර්දේශය අනුමැතිය සඳහා මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇතැයි සඳහන් වේ.
ඒ සම්බන්ධව කතානායක මහින්ද යාපා අබේවර්ධන උපුටා දක්විමන් නිව්ස් ෆස්ට් පවසන්නේ ලබන අඟහරුවාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව රැස්වන බවත් එහිදී මෙම නිර්දේශය සම්බන්ධව ඉදිරි පියවර ගන්නා බවත් ප්‍රකාශ වී තිබෙන බවය.
ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් 2021 මැයි මස 26 වැනිදා මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.







