2022 වසර සඳහා සංශෝධිත අයවැය ඉදිරිපත් කිරීම අද පස්වරු 1.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා 2022 වසර සඳහා සම්මත වූ විසර්ජන පනතට සංශෝධන එක් කොට නව පනත් කෙටුම්පතක් ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නව සංශෝධිත පනත් කෙටුම්පත මඟින් පවතින අර්බුදකාරී ආර්ථික රටාව හමුවේ ගත යුතු පියවර සහ යෝජනා පිළිබඳව ඇතුළත් කොට ඇති අතර එහිදී විශේෂයෙන් පසුගිය අයවැය මඟින් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කළ මුදල් ප්‍රතිපාදන පුනරාවර්ථන වියදම් සඳහා වෙන් කොට ඇති බව සඳහන් වෙයි.







