නාදුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තවත් තරුණයකු මියගොස් තිබේ. ඊයේ (20) රාත්‍රියේ මට්ටක්කුලිය අලිවත්ත පුදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මත්දුව්‍ය ජාවාරම් කල්ලි අතර පවතින අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනයත් සිදුව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බව සඳහන් වෙයි. මෙම ඝාතනයත් සමඟ පසුගිය මැයි මස 30 වැනිදා සිට අද ( අගොස්තු 30 දක්වා මාස තුනක කාලය තුළ මෙවැනි ම ආකාරයේ ඝාතන 28ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.