සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සියල්ල සූදානම්කරගෙන සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පසුගිය අඟහරුවාදා හදිසියේම ජනාධිපතිවරයා එම තීරණය ප්‍රමාද කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අගමැතිවරයා ඉල්ලා අස් වුවහොත් කැබිනට් මණඩලයත් අහෝසිවන බව පෙන්වා දී තිබෙන ජනපති එසේ වුවහොත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරගෙන යන කටයුතු අවුල් වී ප්‍රශ්න ගණනාවක් මතුවිය හැකි බව පවසා ඇත
මේ නිසා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරගෙන යන කටයුතු අවසන් වනතෙක් ඉවසන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දී තිබෙන බව ඉහත ආරංචි මාර්ග කීවේය.
පසුගිය සතිය වනවිට අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ලැබී තිබුණු බව කියැවේ. සමකාලීන දේශපාලකයින් සහ සමීපතමයින්ගෙන් එම උපදෙස් ලැබුණු බව දැනගන්නට ඇත.
සමකාලීන දේශපාලකයින් සහ සමීපතමයින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත හැක්කේ මේ අවස්ථාවේ උද්ගතව ඇති අර්බුදය හමුවෙ ඉල්ලා අස්වීමෙන් පමණක් බවත් ය. එහෙත් අගමැතිවරයාගේ දෛවඥයින් උපදෙස් ලබා දී තිබුනේ ඉදිරියේ දී සුබ දශාවක් උදාවන හෙයින් ධුරයේ රැඳී සිටීම යෝග්‍ය බවය.
අයි.එම්.එෆ් සමග සිදුකරන සාකච්ඡා සාර්ථක වී තිබෙන බැවින් එහි අවසානයක් එන තෙක් ධුරයෙන් ඉවත් නොවී සිටින ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.
මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිගටම සිටිය යුතු බවට යෝජනාවක් ද ඒකමතිකව සම්මත කරගෙන තිබේ.