කීර්ති ප්‍රනාන්දු –
ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් තිබෙද්දී, එම ඉන්ධන බෙදා හැරිම සඳහා ටැංකි රථ ඇතුළු ප්‍රවාහන මාධ්‍ය ගැටලුවකින් තොරව සූදානම් වී පවතිද්දී ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොමැතිවී මහජන පීඩාවට හේතුව සංස්ථාවේ බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ නිසි කළමනාකරණයක් නොවීම බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි.
මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ ප්‍රවාහනය පාර්ශවයෙන් වන තමන්ගේ අඩුපාඩුවක් නිසා නොවන බව පවසන එම සංගමය තමන්ගේ රාජකාරිය වන්නේ ලබා දෙන ඉන්ධන ඇනවුම් භාරගෙන අදාල ස්ථානයට ප්‍රවාහනය කර දීම බවය.
පවතින තත්ත්වය තුළ දෙදිනක් ඇතුළත ටැංකි රථ සඳහා ආරක්ෂාව සලසා දෙන ලෙස පොලිස්පතිගෙන් කළ ඉල්ලීමට අනුව අද (24) වනවිට දෙදින සම්පූර්ණවන බව කී සම ලේකම්වරයා සංගමයක් ලෙස ඒ සම්බන්ධව තීරණයක් ගැනීමේ අභිලාෂයක් තවම නැතත් ඉන්ධන ටැංකිරථ හිමියන් සේවයට වාර්තා කිරීමේ අඩුවක් ඇතිවිය හැකි බව පවසයි.
එමෙන්ම යම් සිදුවීමකට පෙර පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇති බවත් යමක් සිදුවුවහොත් එහි පූර්ණ වගකීම පොලිස්පතිවරයා භාර ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.