කීර්ති ප්‍රනාන්දු –
අද (24) අළුයම 3 සිට ඉන්ධන මිල වැඩිවීමත් සමගම ජාතික ප්‍රවාහන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති මිල සූත්‍රය ප්‍රකාරව බස් ගාස්තු වැඩිවීමක්, ක්‍රමවේදය තුළම සිදවන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේය.
මෙම මිල සූත්‍රය පුරා වසර විස්සක් තිස්සේ ක්‍රියාත්මකවන පිළිගත් ක්‍රමවේදයක් බවත් බස් ගාස්තුවල සංශෝධනය බොහෝ විට අද දහවල් 12 වනවිට සිදුවනු ඇති බවත් ලංකාසර කළ විමසීමකදී ඔහු කීවේය.
කෙසේ වෙතත් අද දවස තුළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවති මිල ගණන්වලටම සේවාව සැපයීම සිදුකරන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව රජය ප්‍රකාශ කර ඇත.