අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනක රත්නායක එළියේ ! හොරෙන් රත්තරන් ගෙනා මන්ත්‍රි ඇතුළේ! විපක්ෂ නායක සජිත් කියයි…

by editor
මැයි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

“මට අද ආරංචි වුනා අරුම පුදුම සිද්ධියක්. දැන් මේ සභාවේ විවාදයට ජනක රත්නායකට හා පවුලේ අයට එන්න තහනම්. ගැලරිය තහනම් ඔවුන්ට. හැබැයි ඊයේ දිනයේ රටට අනීතිකව රත්‍රං හා අනෙකුත් භාණ්ඩ ගෙනාපු මහජන මන්ත්‍රීවරයෙකුට වීඅයිපී ලොන්ච් එක හරහා දඩයක් ගෙවලා ඇවිත් අද මේක ඇතුළට ඇවිල්ලා ඡන්දෙ දෙන්නත් පුළුවන්. මේකද සිස්ටම් චේන්ජ් එක? ගැලරියේ ඉඳලා මේක බලන්නත් තහනම් ඔහුට. “යයි වික්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම පිළිබඳව අද පැවති විවාදයේදී අදහස් දක්වමින් මේ බව මතු කළ විපක්ෂ නායකවරයා තවදුරටත් මෙසේද පැවසීය.

“අද දින ආණ්ඩුව විසින් මෙම යෝජනාව සාකච්ඡා කරන මොහොතේ, මට මතක් වෙනවා ලොව්තුරා බුදුරඳුන් දේශනා කළ වසළ සූත්‍රය. “නචඡ්ඡා වසළෝ හෝති – නචඡ්ඡා හෝති බ්‍රාහ්මණෝ, කම්මනා වසළෝ හෝති – කම්මනා හෝති බ්‍රාහ්මණෝ..” තමන් වසළයෙක්ද තමන් බ්‍රාහ්මණයෙක්ද කියන එක තීන්දු වෙන්නේ උත්පත්තිය මත නොව තම ක්‍රියාව මතයි.

අද දවසේ මේ විවාදය තුළ අපිට තීරණය කරන්න පුළුවන් මේ සභාපතිවරයා ක්‍රියාත්මක කළේ, වසළ ක්‍රියාවක්ද නැත්නම් බ්‍රාහ්මණ ක්‍රියාවක්ද කියලා. වසළයා හෝ බ්‍රාහ්මණයා වන්නේ ජනපතිද අගමැතිද නැත්නම් උපයෝගීතා කොමිසමේ සභාපතිද කියල. ක්‍රියාව ගැන හොයලා බලලා අපි හැමෝටම නිගමනයකට එන්න පුළුවන්.

මහජන උපයෝගීතා කොමිසමේ වගකීම මොකද්ද? විදුලිබල කර්මාන්තය කියන විෂය ගත්තොත් ප්‍රමාණවත් ආයෝජනය, කාර්යක්ෂම සැපයුම, ගුණාත්මක සේවාව හා පාරිභෝගික රැකවරණය, විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය යනාදි මේ කරුණු නිසි නියාමනයට ලක්කිරීමයි. දැන් අපිට ඇහුනා එතුමා ස්වාධීන නොවන සභාපතිවරයෙක් බව. හරියට අපි ඔහුව පත් කළා වගේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ පත්වීම කරන කොට “ගෝඨාභය සරණං ගච්ඡාමි” කියලා ඒ පත්වීම අනුමත කරපු අය. දැන් කියනවා ස්වාධීන නොවන සභාපති කියලා. දේශපාලනික පත්වීමක්ලු. ඉතිං අපිද පත්කළේ එතුමාව? එදා හොඳ වුනු පුද්ගලයාව අද නරක වෙන්නේ කොහොමද? මම කියන්නම් හේතුව මොකක්ද කියලා. ඊට පෙර අපි තීන්දුවක් ගන්නට ඕන අපි හිටගන්න ඕන ලක්ෂ 220ක් වන ජනතාව එක්කද, පොහොට්ටු සෙවනැලි සහිත රාජපක්ෂ ආණ්ඩුවත් එක්කද කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැන් මේ යෝජනාව පුද්ගල කේන්ද්‍රීය දෙයක් නොවේ. අපිට එයින් වැඩක් නැහැ. ඔහු ජනාධිපතිවරණයට ඉල්ලනවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. ඔහු පෙනී හිටියේ පැහැදිලිවම කවුරු වෙනුවෙන්ද? මීට අදාළ ඡන්දය ඉල්ලද්දී නමින් නමට ඉල්ලන්න ඕන. මොකද ලක්ෂ 220 වෙනුවෙන් පෙනී ඉන්නේ කවුද බලන්න.

අපි පෙනී හිටින්නේ ලක්ෂ 3ක් වූ මෙරට දූදරුවන්ට විභාග සමයේ ඒ අමාරු කර්තව්‍යයේ නියැලි ඉන්නකොට 24 පැයේම විදුලිය සපයන්න නියෝග කරලා පෙනී ඉඳලා, මානව හිමිකම් හා අභියාචනාධිකරණයටත් ගිය එකටයි. ජල විදුලිය හා අඛණ්ඩ විදුලි සැපයුම දෙන්න ඉන්ධන තිබියදීත් ඒ වෙනුවෙන් පෙනී හිටපු නිසා තමයි අද මෙයට විරුද්ධව ඡන්දය දෙන්නේ. ලක්ෂ 03ක සිසුන්ට විදුලිය සපයන්න කීම චෝදනාවක් කරගෙන තියනවා මොහුව ඉවත් කරන්න. මොන නින්දිත ක්‍රියාවක්ද? අපි ඒක තරයේ හෙළා දකිනවා.

අනෙක් හේතුව පහුගිය කාලයේ විදුලි බිල වැඩි කිරීම. විපක්ෂය කියනවලු විදුලි බිල අඩු කරන්න කියලා. ඒ කටින්ම කියනවලු  සූර්ය බලශක්තියෙන් විදුලිය ලබාදුන් සැපයුම්කරුවන්ට බිල් ගෙවන්නය කියනවලු. දැන් මම අහන්න කැමතියි, 0 සිට 30 දක්වා විදුලි බිල වැඩිකළා මේ මෑතකදී 252% කින්. ඊළග ලෙවල් එක 222%කින්. ඊළග ලෙවල් එක 90 දක්වා 144%කින්. එතකොට 0 සිට 90 දක්වා මේ රටේ සමස්ත විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 64කගෙන් ලක්ෂ 47 ක් මේ ගණයට අයිති වෙනවා. විදුලි  පාරිභෝගිකයන්ගෙන් 73%ක්. හැබැයි ඊළග ලෙවල් එකට (120 දක්වා)  බිල වැඩිවෙන්නේ 86%යි. 180 දක්වා බිල වැඩිවෙන්නේ 53%යි. මේ විදුලි බිල වැඩි කරපු ආකාරය හරිද? සම්පූර්ණයෙන්ම වැරදියි. මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඊට විරුද්ධව හඬක් නැඟුවා. කොමිසමේ නිළධාරීන්ව පැත්තකට කරලා ආණ්ඩුව ගත්ත තීන්දුවක් ඒක. සාමාජිකයින් 4කගේ අනුමැතිය එක්ක PUCSL සභාපති  උසාවියට ගියා.  කොහොමද අමාත්‍ය මන්ඩලය  කොමිසම මඟහැරලා මෙහෙම බිල වැඩිකරන්නේ. අනීතික ක්‍රියාව කරල තියෙන්නේ කැබිනට් මණ්ඩලයයි. මේකයි ඇත්ත කතාව. මේ සභාපතිවරයාට කොන්දක් තිබුණා කැබිනට් එක ගත්ත තීන්දුවට එරෙහිව ලිපියක් ලියන්න. මම ඊට අදාල ලිපි ලේඛන හැන්සාඩ් ගත කරනවා මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම උදෙසා.

ඊට අමතරව වෘත්තීය තාක්ෂණික ශිල්පීන් බලගැන්වීම උදෙසා ඔහු ජාතික වැඩසටහනක් ආරම්භ කළා. විදුලිබල පනතට  අනුව විදුලි කාර්මිකයින් ජාතික වෘත්තීය සුදුසුකම්  NVQ level 03 ඉන්නට ඕන. නමුත් 80%කට ඒ සහතිකය නැහැ. ලබාගන්නට අසීරුවී තිබෙනවා. විභාග ගාස්තු ප්‍රශ්නය, නිසි පුහුණුවක් නැති නිසා. ඔහු මෙය 10,000කට  නොමිලයේ පිරිනැමීමට කටයුතු කළා. පුනනර්ජනනීය බලශක්ති කේන්ද්‍රයේ සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 5000කගේ හිඟය පියවීමට ජාතික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒවගේම ජලනල කාර්මිකයින් 750ක් පුහුණු කිරීම, ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට පුහුණුවක් ලබාදීම, ඒවගේම ඉන්ධන හා ලිහිසිතෙල් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල් වැටලීම, ඉන්ධන සාම්පල් පරීක්ෂාව, ලිහිසිතෙල් පරීක්ෂාව ප්‍රශස්ත වැඩ.

හොඳ දෙයක් අගය කරන්න කොන්දක් තියෙන්න ඒන. මේ රජයට කොන්දක් නැහැ ඒ මනුස්සයව මේ ගැලරියටවත් ගෙන්නන්න. සූර්ය බල පද්ධතිය හරහා විදුලි ජනනය කරන ජාතික පද්ධතියට සපයන පාරිභෝගිකයින්ට අවශ්‍ය ගෙවීම් නොකිරීම නිසා බරපතළ ප්‍රශ්න රැසක් තිබුණා. ඒ ගෙවීම් කරන්නට ඔහු නියෝග කළා. පාරිභෝගිකයින්ගේ බිලියන 14ක තැන්පතු සඳහා පොලියක් ගෙවීමට විදුලි බල මන්ඩලයට හා ලෙකෝ එකට නියෝග ලබාදුන්නා. අගෝස්තු මාසය වෙනකොට ඒ නියෝග ක්‍රියාත්මක වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති කිව්වත්  වැඩක් නෑ… විපක්ෂයට හිමි මුදල් කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් කළ හර්ෂගේ නම ආණ්ඩුවේ කණ්ඩායම 07 වැනි වරටත් ප්‍රතික්ෂේප කරයි!

Next Post

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  ජනක රත්නායක එළියට…. වැඩි ඡන්ද 46කින් යෝජනාව සම්මතයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.