අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනක රත්නායකව නිරුවත් කරන්න හැදූ ගයත්‍රි බිම්බාට අධිකරණයෙන් වාරණයක්!

by editor
අප්‍රේල් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගේ කීර්තියට අපහාස වන ආකාරයට ඔහුගේ පුද්ගලිකත්වය හා සම්බන්ධ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළු තොරතුරු සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (අප්‍රේල් 18) ඔහුගේ හිටපු පෞද්ගලික සහායිකාව වශයෙන් කටයුතු කළ ගයත්‍රි බිම්බා වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම විත්තිකාරිය සතුව පවතින එවැනි වීඩියෝ දර්ශන හා ඡායාරූප තුන්වන පාර්ශවයක් වෙත ලබාදීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

කොළඹ දිසා අධිකරණයේ විභාග වන නඩුව

ජනක රත්නායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේය.

ඊට අමතරව පැමිණිලිකරුට අපහාසාත්මක වන ආකාරයේ “මී මැස්සෝ ටී.වී” යූ ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය වූ අන්තර්ගතයන් වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම වළක්වාලමින් එම යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වූ කල්ප ගුණරත්න ඇතුළු ඔහුගේ නියෝජිතයින් වෙත තවත් වාරණ නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

මෙම වාරණ නියෝග මැයි මස 02 වනදා දක්වා බල පැවැත්වේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඊට අමතරව ඉකුත් මාර්තු මස 14 වනදා විත්තිකාරිය “මී මැස්සෝ ටී. වී. ” නැමැති යූ ටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබා දෙමින් තමා අල්ලස් ලබා දෙන පුද්ගලයෙකු බවටත් තමා විත්තිකාරියට තර්ජනය කර ඇති බවටත් ඇය විසින් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවද ජනක රත්නායක සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මේ තුළින් තමා දූෂිත පුද්ගලයෙකු , අල්ලස් දෙන්නකු බවටත්, දේශද්‍රෝහියෙකු, මහජන මුදල් අවභාවිතා කරන්නෙකු බවටත් හුවා දැක්වීමට විත්තිකාරිය කටයුතු කර ඇති බවත් පැමිණිලිරු චෝදනා කරයි.

මේ තුළින් සිය කීර්තියට සිදු කළ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් රුපියල් බිලියන 2 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනක රත්නායක විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

මෙහිදී ම පැමිණිකාර ජනක රත්නායක වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම්ගේ උපදෙස් මත නිරන්ජන් අරූල් ප්‍රගාසම්, සජන ද සොයිසා යන නීතිඥවරු සමඟ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා පෙනී සිටියහ.

ඉල්ලා සිටි තහනම් ආඥාවට වගඋත්තරකරුවන්ගෙන් විරෝධය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට හිරිහැර සිදු කිරීමේ අරමුණින් ඔහුගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් අද (අප්‍රේල් 18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විරෝධතා මතු කරන ලදී.

ජනක රත්නායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් රජය විසින් මෑතකදී සම්මත කළ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ අප්‍රේල් 04 වනදා කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.

එම නඩුකරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඉදිරියේ අද (අප්‍රේල් 18) යළි කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුවට අදාළව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බවයි.

මෙම නඩුකරයට අදාළව තමන් වෙත නොතිසි ලැබී නොමැති බව සඳහන් කළ වග උත්තරකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වූ සාලිය පිරිස්, නලින්ද ඉන්දතිස්ස සහ චමින්ද අතුකෝරාල , හෆීල් ෆාරිස්, හර්ෂණ නානායක්කාර යන නීතිඥවරු මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියහ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න කියා සිටියේ මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සම්බන්ධ වැදගත් නඩුකරයක් බැවින් එම නඩු කටයුත්ත නිරීක්ණය කිරීම සඳහා තම සංගමය මැදිහත් වන බවයි.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ජනක රත්නායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස   සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25(7) වගන්තිය තුළින් එම අයිතිය භුක්ති විඳීමේ සීමාවන් පනවා තිබෙන බවයි.

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳව පනත සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් සමාජය තුළ පැවතියද මෙම නියෝගය ලබා ගැනීමේ ක්‍රියාවලියට රජයේ මැදිහත් වීමක් නොමැති බවත් මෙම නියෝගය ලබාගෙන තිබෙන්නේ පෞද්ගලික පාර්ශවයක් බවත් ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නේ මෙම පනත හරහා රජයට පමණක් නොව පෞද්ගලික පාර්ශවයන්ට ද සිය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා අවභාවිතා කිරීමට හැකියාව තිබෙන බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නැවත මැයි මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළාය.

එදින මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන්නාය.

අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස පැමිණිලිකාර ජනක රත්නායකගේ පුද්ගලික සහායිකාවක වශයෙන් කටයුතු කළ මේ වන විට තායිවානයේ වෙසෙන ගයත්‍රී බිම්බා, ජනක රාජපක්ෂ , ඔෂල හේරත්, ටෝක් විත් ලාල් සහ මී මැස්සෝ යන යූටියුබ් නාලිකාවල මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශ්ව 08 ක් නම්කර තිබේ.

ජනක රත්නායක සම්බන්ධ පෞද්ගලික ඡායාරූපයක්, වීඩියෝ දර්ශන ඇතුළු පුද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා මෙම වගඋත්තරකරුවන් වෙත අදාළ කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය.

එහිදී මෙම තහනම් ආඥාව පිළිබඳව ගූගල් සහ වට්ස්ඇප් සමාගම් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

පැමිණිල්ල කුමක් ද?

පැමිණිලිකරු කියා සිටින්නේ වග උත්තරකාර ගයත්‍රි බිම්බා නමැත්තිය 1999 වසරේ සිට සිය පුද්ගලික සහයිකාව වශයෙන් කටයුතු කළ අතර ඇය සමග තමා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව ය.

එම නිසා පැමිණිලිකරුගේ පුද්ගලික සහ රාජකාරී ජීවිතයේ තිබෙන අතිශය රහසිගත තොරතුරු වග උත්තරකාරිය දැන සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිලිකරු සහ වග උත්තරකාරිය ලිංගිකව එක්ව ජීවත්ව ඇති අතර එය ප්‍රසිද්ධ කරුණක් බවත් එවැනි අවස්ථාවලදී දෙපාර්ශවය විසින්ම ඡායාරූපගත කර තිබෙන බව පිළිගන්නා බවත් පැමිණිකරු කියා සිටියි.

 

කෙසේ වෙතත් 2023 වසරේ පැමිණිලිකරු සහ වගඋත්තරකාරිය අතර පැවැති සමීප සම්බන්ධය බිඳී ගිය අතර ඉන් පසුව අදාල රහසිගත ඡායාරූප හා වීඩියෝ ගබඩා කර තිබූ තම දුරකථනයේ මුරපදය ඇය විසින් ලබාගෙන ඒවායේ පාලනය මේ වනවිට සම්පූර්ණයෙන්ම තමන් සතු කරගෙන ඇති බවත් පැමිණිලිකරු චෝදනා කරයි.

මෙවැනි වීඩියෝ දර්ශනයක් මෑතකදී වගඋත්තරකාරිය විසින් වට්ස්ඇප් [WhatsApp] හරහා හුවමාරු කරගෙන ඇති බවට තම මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණු බවද පැමිණිලිකරු සඳහන් කර ඇත.

ඊට අමතරව talk with ලාල් සහ මී මැස්සෝ යනාදී [YouTube]නාලිකා ඔස්සේ වගඋත්තරකාරිය පෙනී සිටිමින් පැමිණිලිකරුට අගතියක් වන ආකාරයේ තොරතුරු ප්‍රකාශ කර තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

වග උත්තරකාරියගේ ක්‍රියාකලාපය පිරික්සීමේදී ඇය පැමිණිලිකරු ඉලක්ක කර ගනිමින් ඔහු හිරිහැරයට පත් කිරීමේ අදහසින් ඔහුට අදාළ පෞද්ගලික තොරතුරක් පැතිරවීමට හෝ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන ආකාරයක් පෙනී යන බවද ඔහු සඳහන් කරයි.

නීතිමය තර්ක

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

” ස්වාමීනී… මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත තාව පිළිබඳ පනතේ 20(1) වගන්තිය යටතේ යම් ඉලක්කගත පුද්ගලයෙකුට හිරිහැර කිරීමේ චේතනාවෙන් එම පුද්ගලයා පිළිබඳ පුද්ගලික තොරතුරු පළ කිරීම, ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තුළ පමණක් නොව ඉන් පිටතදී පවා සිදුකරනු ලබන වැරදි ක්‍රියා මීට ඇතුළත්. යම් පුද්ගලයෙකු එවැනි චෝදනාවකට වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයක් නියම කිරීමට අධිකරණයට බලය තිබෙනවා. එසේම අදාල වගන්තිය යටතේ “පෞද්ගලික තොරතුරු” යන්නට යම් ඡායාරූපයක්, හඬ පටයක්, වීඩියෝ පටයක් ඇතුළත් වෙනවා.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තමා මෙම අවස්ථාවේදී වග උත්තරකරුවන්ට එරෙහිව නඩු විභාගයක් අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය.

එහෙත් පැමිණිලිකරු සම්බන්ධයෙන් වූ පෞද්ගලික තොරතුරු ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් පළ කිරීම, ප්‍රචාරය කිරීම සහ සන්නිවේදනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ වන කොමිසම මේ දක්වා ස්ථාපිත කර නොතිබුණද පනතේ විධිවිධාන ප්‍රකාරව මහේස්ත්‍රාත් අධිකරණයකින් එවැනි තහනම් ආඥාවක් ඉල්ලා සිටිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරු සම්බන්ධයෙන් වන පෞද්ගලික තොරතුරු ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන බව නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් හමුවෙයි…

Next Post

විදේශිකයෙක් සූරා කන්න ගොස් කළුතරත් රටත්  කළු කළ ගොබ්බ වඩයා අත් අඩංගුවට…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.