මේ වසරේ පළමු මාස දෙක තුළදී ඉන්දියාව ජංගම දුරකථන අපනයනයෙන් ඩොලර් බිලියන 2කට වැඩි ආදායමක් ලබා ඇතැයි ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රධාන වශයෙන් ඇපල් හා සැම්සුන්ග් දුරකථන අපනයනය කරනු ලබන ඉන්දියාව 2022 අප්‍රේල් මසායේ සිට මේ දක්වා ලබාගෙන ඇති ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවන බව ‘ද ඉකොනොමික් ටයිම්ස්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.
ස්මාර්ට්ෆෝන් අපනයනය ඩොලර් බිලියන 4.5ක් පමණ වූ වසරකට පෙර කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2022 අප්‍රේල් සිට 2023 පෙබරවාරි දක්වා කාල සීමාව තුළදී අපනයනයෙන් ලබන ආදායම දෙගුණ වී තිබේ.
මීට හේතුවක් ලෙස වෙබ් අඩවිය සඳහන් කරන්නේ ජංගම දුරකථන නිෂ්පාදකයින් නිෂ්පාදනය සහ බාහිර නැව්ගත කිරීම් වේගවත් කිරීමයි.