සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද අපේක්ෂකයන්ට කොරෝනා අවදානමක්

by Lanka Sara Editor
ජූනි 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා මැතිවරණ අපේක්ෂකයින් සහ ඡන්ද දායකයින්ට නව කොරෝනා වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්වලට පසුගිය දින කිහිපය තුළ ලංකාසර සිදුකළ සමීක්ෂණ චාරිකාවේ දී දැකගත හැකිවිය.

ළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියේ දැඩි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබුණද ප්‍රධාන පක්ෂවලට අයත් දිස්ත්‍රික්කවල අපේක්ෂකයින් බහුතරයක් නිරෝධායන නීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් හැසිරෙන අයුරු පසුගිය දිනවල දක්නට ලැබිණි.

ඉහත දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන අපේක්ෂකයින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ තම නිවස නැත්නම් පක්ෂ කාර්යාලයේ හිතවතුන්ගේ නිවෙස්වල හෝ දේශපාලන බලප්‍රදේශය තුල පිහිටි හෝටල් හා උත්සව ශාලාවවල ය. මෙවැනි ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් පසුගිය දිනවල පැවැත් වූ විවිධ ක්ෂේත්‍රවලට අයත් ක්‍රියාකාරීන් හා ඡන්ද දායකයින් දැනුමවත් කිරීමේ අවස්ථා ගණනාවක්ම අපට ද මාධ්‍යවේදීන් ලෙස සහභාගී වීමට සිදුවීම නිසා එම කටයුතු පිළිබඳ විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමි වුවද මනාප පසුපස යන අපේක්ෂකයින්ගේ හැසිරීම් හමුවේ අපිට දැඩි භීතියක් හා තැතිගැන්මක් ඇතිවිය.

පසුගිය දිනවල රැස්වීම්වලට පැමිණි මේ අය කිසිම ආකාරයකින්වත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන බවක් දකින්නට නොලැබීම ඉතා අවාසනාවන්ත තත්වයකි. බොහෝ රැස්වීම් ශාලා තුල පවත්වන ආකාරයක් දැකගත හැකි වුවත් එහි විශේෂ විශේෂත්වය වූයේ 50 ක් සහභාගී විය හැකි ශාලාවකට 150 – 200කට සහභාගී කරවා සිටීම ය. මේ අයගෙන් බහුතරයක් මුඛආවරණ පැළැඳ පැමිණ සිටියහ. ඇතැම් තැන්වල සමහරක් අපේක්ෂකයන් පවා මුඛ ආවරණ පැළඳ සිටින බවක් දැකගත නොහැකි විය. ශාලාව තුළට ඇතුල්වන විට දෑත් සේදීමක් විසබීජහරණය, දුරස්ථ බව ආරක්ෂා කිරීම වැනි සෞඛ්‍ය පිළිවෙත් කිසිවක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නොතිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බොහෝ රැස්වීම්වල ආගන්තුක සැලකුම්වල අඩුවක් නොමැත. ආහාරපාන දෙතුන් වතාවක් ලැබෙනවා අවස්ථා ඇත. සවස තුනෙන් පසුව පවත්වන සෑම රැස්වීම්කටම මත්පැන් වර්ග අංක එකට ඇත. මේ ආකාරයේ රණවිරුවන්ගේ ගීත ගායනා, බජව් පටන් ගත්තේ බඹර පදමින් රැස්වීම්ට එනවිට ඇතැම් තැන්වල ‘අනේ සර්’ කියාගෙන පැමිණෙන පාක්ෂිකයන් මත්පැන් සාදයේදී ‘අනේ මචං මගේ දෙයියෝ’ කියාගනිමින් අපේක්ෂකයන් වැළදගත් අවස්ථාවක් දුටුවෙමු.

මත් පැන් සංග්‍රහයෙන් පසුව ඇතැමුන් සතුව තිබූ එක්ම සෞඛ්‍ය පිළිවෙත වන මුඛ ආවරණයවත් සොයා ගැනීමට නැත. ආපන ශාලාව පුරා දකින්නට ඇත්තේ අපේක්ෂකයන්ගේ කරට අත දා ගනිමින් ඡායාරූප ගන්නා අවස්ථා පමණි. කොරොනා වසංගතය පහව ගොස් ඇති මෙවන් අවස්ථාවක මේ විගඩම් නැවැත්වීමට බලවතුන් ඉදිරිපත් වන්නේ නැත.

අධි අවධානම් දිස්ත්‍රික්කවල තත්වය මෙය නම් අනෙක් ප්‍රදේශවල තත්වය පිළිබද කවර කතාද? අද රුපියල් කෝටි ගණනින් මුදල් කා දමමින් සෞඛ්‍ය පිළිවෙත් හඳුන්වා දී ඇත. එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුව පෙරහුරු මැතිවරණ පවත්වමින් මැතිවරණයට සූදානම් වෙයි. එහෙත් ඡන්ද දිනයට පමණක් ඡන්දපොළට පමණක් සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කිරීම් තුළින් කොරොනා වසංගතය නවතාගත හැකිද? යන ප්‍රශ්නය අප හමුවේ ඇත.

අපේක්ෂකයින් මේ ආකාරයට හැසිරෙන මැතිවරණයට පෙර කොරෝනාවලින් නොව වෙනත් රෝග බෝ වී බොහෝ දෙනෙක් මිය යෑමේ අවදානමක් ඇත මෙවැනි පසු පසුබිමක කෝටි ගණන් මුදල් වැය කර මැතිවරණයකට සූදානම් වීම බල රහිත කාර්යයක් විය හැකිය.

Tags: නවතම
Share75Tweet43
Previous Post

බස්නාහිර සෞඛ්‍යය සේවකයන්ට දීමනා නෑ… ජී.එම්.ඕ.ඒ වර්ජනයකට සැරසෙයි.

Next Post

සජිත්ට එරෙහි එජාප පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසි කර දමයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.