පළාත් පාලන ඡන්දය පැවැත්වීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ගොනුකළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) යළි කැඳවීමට නියමිතව ඇත.
මෙම පෙත්සම සම්බන්ධයෙන් පැමිණිලිකරු ඉදිරිපත් කළ මෝසමක් පසුගිය 20 වනදා එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම අද (23) දිනට පෙර සළකා බැලීම අනවශ්‍ය බව ඔහුගේ නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එදින අදාළ පෙත්සම සළකා බැලීම කළින් නියම කළ පරිදි අද දිනයේම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් මහජනතාවට කිසිදු යහපතක් නොවන බව පෙත්සම්කරු පවසයි.
ඒ අනුව පෙත්සම්කාර විශ්‍රාමික කර්නල්වරයා ඉල්ලා සිටින්නේ අදාළ ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙසය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු 9 දෙනෙකු නම් කර ඇත.