අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

ඡන්දය මාරයි අපි හමාරයි

by editor
අගෝස්තු 7, 2020
in කොලම, පුවත්
05

05

Share on FacebookShare on Twitter

සුරත් ද මැල් – 

මෙවර ඡන්දයේ ප්‍රතිඵල හැරැණු කොට අන් සියල්ල ජනහිතකාමීය.
ඡන්දයක් මේ තරම් සුදු මුදුව පැවැත්වීමේ ගෞරවය වැඩිමනක් හිමිවිය යුත්තේ කෝවිඩ් වසංගතයටය. එනම් වසංගත දෙකෙන් වඩා ප්‍රබල වූ වසංගතය ජය ගත්තේය. මෙනයින් බලන කල අපට අපේ පාර්ලිමේන්තුව ගැන ආඩම්බර විය හැක.
කෝවිඩ් කියා බිය වී ඡන්ද පොළට නොගිය උන් බය නැතුව සති පොළට යෑම නම් පුදුම සහගත නැත. මක් නිසාද යත් ඡන්දයට වඩා බඩ වැදගත් බැවිනි. එහෙත් ඡන්ද කොළයේ මුද්‍රණය වී උන් වසංගත හැරැණු කොට ඡන්ද මධ්‍යස්ථාන වල වෙනත් වෛයිරස් බෝවීමට ඉඩ කඩ තිබූ බවක් නොපෙනුණි.
සැනිටයිසර් වලින් අත් සෝදා වසංගත වලට ඡන්දය දී, යළිත් සැනිටයිසර් වලින් අත් සෝදා ගත්තෙමු. සියලු පව් සැනිටයිසරයේ පිහිටෙන් සේදී යාම නිසා දැන් අපේ දෑත් පිරිසිදු ය. මේ හේතුව කරණ කොට ගෙන එළැඹෙන සියලුම මැතිවරණවලදීද මෙලෙස ඡන්දයට පෙර හා පසුව දෑත් පිරිසිදු කර ගැනීම සදහා සැනිටයිසර් ලබා දෙන මෙන් අපි මැතිවරණ කොමිසමෙන් කාරැණිකව ඉල්ලා සිටිමු.
අර ඡන්ද මධ්‍යස්ථාන වල සේවය කළ නිලධාරීන්ගේ ආරක්ෂාව සදහා නිමවා තිබූ කාර්ඩ්බෝර්ඩ් පෙට්ටිය නම් සිහියට ගෙනාවේ ළමා කල අප තැනූ සෙල්ලම් ගෙවල්ය. ඒවා ඒ තරමට ලස්සනය. පිළිවෙලය. ඡන්දයත් ඉතිං ලොකු ළමයින්ගේ පොඩි පහේ සෙල්ලමක් නිසා කොහොමටත් කමක් නැත. ඉන් ජයගත්තෝ ඉදිරි කාලය තුළ හොඳ සවිශක්තිමත් මාළිගා සෑදුවාට අපි තරහාත් නැත.
ඡන්ද කාර්ඩ් එක, අයිඩෙන්ටි කාර්ඩ් එක, මාස්ක් එකෙන් නිරාවරණය කර පෙන්වූ මුහුණත්තහඩුව දෙස නොසැලකිල්ලෙන් බැලූ නිලධාරීන්ට අපට පසක් කර දුන්නේ මෙවර මැතිවරණ කෙතරම් දූෂණයෙන් තොරද යන්නය. වසංගතයට බියෙන් කකුල් වෙවුලා හොර ඡන්දකාරයින් නිවසට වී සිටි නිසාම හොඳය.
ඇඟට දැනෙන තරමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට නොහැකි වූ තගාලා ගැන අපට දුකය. ඒ මග හැරී ගිය අනගි අවස්ථාව ඉදිරියේ දී ඔබට  ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මැතිවරණ නීති කැඩීම පවා අවම මට්ටමකින් පැවතීම කණගාටුදායක ය. එය ඡන්දය පිළිබඳ මහජන උනන්දුව අඩුවීමක් ලෙස තක්සේරැ නොකළ යුතුය. කුරැණෑගල 49%ක් පමණක් ඡන්දය භාවිත කිරීම 51%ක අහඹු ක්‍රියාවක් පමණි.
ඡන්දය දිනයේ දීම නම ගිය පාතාලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඝාතකයන්ට අපගේ බලවත් විරෝධය පෑ යුතුය. ඡන්ද අපේක්ෂකයෝ බිලියන ගණනක් වියදම් කර ලැබූ ප්‍රචාරණයට වඩා ප්‍රචාරයක් ඔහුට ලැබීම නිසා අගෝස්තු පස් වෙනිදා රටේ සිදු වූ වැදගත්ම සිද්ධිය එය බවට පත් වීය. ඡන්දය බල්ලාට ගියේය. අනෙක පාර්ලිමේන්තුවට යන්න ඕන කොල්ලෙක් එදාම එළොව යැවීම ඔහුගේ වරප්‍රසාද පිළිබඳ ගැටලුවක් මතු කරයි. එළෙසම එළොව යන්න ඕන එවුන් රොත්තක්ම පාර්ලිමේන්තුවට එදාම තේරී පත්වීම සිද්ධියේ ශෝචනීය බව තවදුරටත් තීව්‍ර කරවයි.
අපේ පලාතේ නම් දොරින් දොරට ගොස් ඡන්ද ප්‍රචාරක කටයුතු කළ සැවොම කතා නොකරම වත්තට අත් පත්‍රිකා විසි කර යෑමෙන් අපේ වත්තේ ඡන්ද ගස් ගොඩක් පැළ වුණි. ඡන්ද වල් පැලෑටි වත්ත පුරා විසිරී ඇති බව දුටුවත් ඒවා උඩින් තව තවත් පත්‍රිකා විසි කර ගිය කැම්පේන් කරැවන්ට අපේ හද පිරි මෙව්වා එකය. තොපි ඔක්කොම වත්තට විසි කර ගිය ජරාව දැන් අපි අපේ මහන්සියෙන් සුද්ද පවිත්‍ර කර ගමු. ඉදිරියටත් පාර්ලිමේන්තුවෙන් අපේ හිස් මත හෙළීමට නියමිත කුණු අපම ශුද්ධ කර ගැනීමට මෙය පෙරහුරැවක් නිසා අමනාපයක් නැත.
ඒත් නියෝජිතයින් පැමිණ ඔවුන්ගේ නායකයින් සදහා ඡන්දය දිය යුත්තේ ඇයිදැයි කියා අපට පහදා දුන් ගැඹුරැ දේශපාලන පාඩම් මෙවර මගහැරීම නම් දුකකි. හැබැයි කනට සහනයකි. අසහනයක් ඇති උන් මිසක් වැඩි දෙනෙක් මෙවර රැස්වීම්වලට සහබාගී නොවූහ. ප්‍රජාතාන්ත්‍රික ප්‍රචාරණයට ඉන් හානියක් වුවද මනසට සහනයක් විය. බෙර ගසා සංගීත සාජ්ජ දමා ඡන්දය බජව්වක් කළ අවස්ථා අවම වූයෙන් අගතියට පත් වූ සංගීතවේදීන්ට සහ රසිකයින්ට අපේ බලවත් ශෝකය පළ කළ යුතුය.
පාර පුරා පෝස්ටර් ඇළවූ යුගය කෙමෙන් නිමා වෙමින් ෆෙස්බුක් බිත්ති පුරා දැන්වීම් ඇලවීම දැන් විලාසිතාව වෙමින් පවතියි. මින් පරිසරය රැකෙනවා සේම ඡන්ද ඉල්ලන පුද්ගලයාට සෘජුවම ප්‍රතිචාර දැක්වීමේ පරම අයිතිය ද ඡන්දදායකයාට හිමිවෙයි. අපගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් රැක දීම  සම්බන්ධයෙන් සකර්බර්ගට හා ඇමරිකා එක්සත් ජනපදයට අප ස්තූතිවන්ත වන අතර “තූ නොදකින්” සිට සියලු අසභ්‍ය ප්‍රකාශ වලින් තම ඡන්ද අපේක්ෂකයන්ට සිය සිතැඟි හෙළි කළ බුකිවාසීන්ට ද අපේ ගෞරවය හිමි වෙයි.
එළෙසම ඡන්ද ප්‍රතිඵල නිකුත් නොකෙරැණු ඊයේ රාත්‍රියේ පවා “විශේෂ මැතිවරණ විකාශය” යැයි පවසමින් අප වෙනුවෙන් නිදි වරාගෙන දැන්වීම් අතරතුර වැඩසටහන් ද ප්‍රචාරය කළ රෑපවාහිනී ව්‍යාපාරිකයන් ද අමතක කළ නොහැක.
මෙවර මැතිවරණ සම්බන්ධයෙන් තවමත් ස්තූතිය පළ කළ නොහැක්කේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයට පමණි. උන්ට කෘතඥතාව පළ කළ හැකි එවන් දිනයක් අනාගතයේ මතු යම් දවසක හෝ උදා නොවන බව දැනීම පවා සිතට ගෙන එන්නේ මහත් වූ සැනසීමකි.
05

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

2020 මහමැතිවරණයේ නිල ප්‍රතිඵල සජීවී විකාශය සඳහා පිවිසෙන්න

Next Post

මහමැතිවරණයේ පොදුජන පෙරමුණට දැවැන්ත ජයක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.