කෙන්යාව තුල තුළ ව්‍යාපාර පවත්වාගෙන යන චීන ජාතිකයන්ගේ ඉහළයාමත් ඔවුන් විසින් ඉතා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම මගින් දේශීය ව්‍යාපාර විනාශ කර දැමීමේ උත්සහයක නිරතවී සිටින බවට කෙන්යානු ව්‍යාපාරිකයින් චෝදනා කරයි.
ඒ අනුව චීන ජාතිකයින් සහ චීන ව්‍යාපාර වල ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් බරපතල ලෙස කනස්සල්ලට පත්ව ඇති බවට පෙන්වා දෙන කෙන්යානු ව්‍යාපාරික ප්‍රජාව විසින් චීන ජාතිකයින්ට කෙන්යාව තුල ව්‍යාපාර කටයුතු කිරීමට බලපත්‍ර ලබාදීම අත්හිටවුවන ලෙසට රජයෙන් ඉල්ලා තිබේ.
මෙහිදී දේශීය ප්‍රාග්ධන ආරක්ෂණ සංගමය නම් කණ්ඩායමකගේ අනුග්‍රහය යටතේ වෙළඳුන් විසින්, කෙන්යාවට චීන වෙළඳුන් පැමිණීමට විරෝධය පළ කරමින් රජයට එරෙහිව නඩු පවරා ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කෙන්යානු ව්‍යාපාරිකයින් විසින් චීන ජාතිකයින්ට රැකියා සහ ව්‍යාපාර බලපත්‍ර නිකුත් කිරීම නතර කරන ලෙස එරට ආගමන සේවා දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවට එරට නේෂන් පවුත්පත වාර්තා කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයින් විසින් එරට අධිකරණය විසින් චීන ජාතිකයින්ට ව්‍යාපාර කටයුතු කිරීම වලක්වාලමින් තීන්දුවක් දෙනු ඇති බවට දැඩි අපෙක්ෂාවකින් සිටින බවද වාර්තාවේ.
පසුගිය කාලයේදී කෙන්යාව තුල චීන ක්‍රියාකාරකම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණි. එය චීනය විසින් අප්‍රිකානු කළාපය තුල සිය අණසක වර්ධනය කිරීමේ විශේෂ වැඩසහනේ එක් පියවරක ලෙස සඳහන් කළ හැකිය. එහිදී චීනය විසින් ඉතා සූක්ෂම අදාල අප්‍රිකානු රටවල් වල ආර්ථිකය බලපෑම් කිරීමටත් ඔවුන්ගේ ණය උගුලට හසුකරගැනීමට කටයුතු කරමින් සිටින බවට විදේස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.