චීන ටජිකිස්තාන දේශ සීමා මායිමේ අද උදෑසන ප්‍රබල භූමි කම්පාවක් සිදුවී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය කාර්යාංශයට අනුව ටජිකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශය රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකට ගොදුරු වී ඇති අතර, භූමිකම්පාව කිලෝමීටර් 20.5 ක් පමණ පොලව අභයන්තරයේ සිදුවී තිබේ..
චිනයේ සින්ජියැන්ග් උයිගහුර් ස්වතන්ත්‍ර කලාපයේ සහ ටජිකිස්තානයේ මායිම අසල දේශීය වෙලාවෙන් 8:37 am ට පමණ රික්ටර් මාපක 7.3 ක භූමිකම්පාවක් සිදු වූ බව චීන රාජ්‍ය රූපවාහිනීය අද වාර්තා කළේ, චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය උපුටා දක්වමිනි.
මෙම කම්පනය චීනය ට ආසන්නතම දේශසීමාවේ සිට කිලෝමීටර් 82 ක් පමණ දුරින් සිදුවී ඇති අතර සින්ජියැන්ග් කලාපයේ බටහිර ප්‍රදේශයේ කෂ්ගාර් සහ ආර්ටක්ස් ප්‍රදේශවලට දැඩි ලෙස දැනුණු බව චීන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි.
චීන රාජ්‍ය රූපවාහිනියේ වාර්තාවලට අනුව, කම්පනයේ මධ්‍යයේ සිට කිලෝමීටර 5 ක් ඇතුළත සාමාන්‍ය උන්නතාංශය මීටර් 4,655 ක් පමණ වේ.
රික්ටර් පරිමාණ 7.1 ක භූමිකම්පාවක් වාර්තා කළ යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය කම්පනයේ විශාලත්වය 6.3 දක්වා සංශෝධනය කළේය.
යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය ඇස්තමේන්තු කළේ භූමිකම්පාවෙන් “කුඩා ජනගහණයක් සහිත හෝ ජනගහනයක් නොමැති” ප්‍රදේශය නායයෑම්වලට නිරාවරණය වනු ඇති බවයි.
කම්පනයේ එහි අපිකේන්ද්‍රය ඇෆ්ගනිස්ථානයට සහ චීනයට මායිම්ව ඇති අර්ධ ස්වයං පාලන නැගෙනහිර කලාපයක් වන ගොර්නෝ බාදක්ශාන් හි දිස්වී ඇත.
මූලික භූමිකම්පාවෙන් විනාඩි 20 කට පමණ පසු එම ප්‍රදේශයට රිච්ටර් මාපක 5.0 ක පසු කම්පනයක් ද ඇති වී තිබේ. ජනාවාස විරල භූමි ප්‍රදේශය උස් වූ පමීර් කඳු වලින් වටවී ඇත.