ඉන්දියාවේ බලශක්ති ඉල්ලුම් ඉදිරියේදී ගෝලීය බලශක්ති ඉල්ලුමෙන් සියයට 11ක් දක්වා ඉහළ යනු ඇත බවත් ඒ සඳහා තම රට සූදානම් බවත් අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී පැවසීය.
පසුගියදා බැංගලෝර් හී පැවති 2023 ඉන්දීය බලශක්ති සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී මේ බව සඳහනක් කළේය. එහිදී අග්‍රාමත්‍යවරයා සඳහන් කර සිටියේ ඉන්දියාව මේවන විට ගෝලීය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් පරිභෝජනය කිරන බවත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.
බලශක්ති සමාගම්වලට ඉන්දියාවේ ආයෝජනය කිරීමට ඇති අවස්ථා බහුල වන්නේ ඉල්ලුම වැඩිවීමත් පුනර්ජනනිය බලශක්ති උත්පාදනය ඉන්දියාව යොමුවී ඇති නිසාවෙන්. එහිදී ජාත්‍යන්තර සහ දේශීය දේශගුණික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ඉතා වැදගත් වීමද විශේෂත්වයකි.
ඉන්දියාව එහි දැනට පවතින ජී 20 සභාපති ධුර කාලය තුළ කලාපයේ බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසාර භාවිතයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාව-මැලේසියාව-තායිලන්තය ඒකාබද්ධ කරගනිමින් ව්‍යාපාරික කවුන්සිලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවට වාර්තා වේ.
ඉන්දියාවේ බලශක්ති ලේකම් ආලෝක් කුමාර් පැවසුවේ බලශක්ති සුරක්ෂිතතාව සහ විවිධාංගීකරණය වූ සැපයුම් දාමවල අවශ්‍යතාවයට සාමාජික රටවල් ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවයි.
2023 වසර සඳහා වන ඉන්දීය අයවැයෙන් ද, 2070 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ රජයේ අරමුණට අනුකූලව පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන් සඳහා ප්‍රමුඛතා ප්‍රාග්ධන ආයෝජනයක් ලෙස ඉන්දීය රුපියල් කෝටි තිස්පන් දහසක් වෙන් කරන ලදී.
හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සහ අපනයනය සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ඉන්දියාව ද අපේක්ෂා කරයි. ජාතික හරිත හයිඩ්‍රජන් මෙහෙයුම යටතේ, 2030 වන විට වාර්ෂිකව හරිත හයිඩ්‍රජන් ටොන් මිලියන 5ක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් හරිත හයිඩ්‍රජන් සඳහාද ඉන්දී්‍ය රුපියල් කෝටි දහ නව දහස් හාරසීය හතලිස් හතක් වෙන් කර ඇත.
ගල් අඟුරු මත දැඩි ලෙස විශ්වාසය තැබූ රටක සිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයේ විභව ප්‍රමුඛයා බවට පත්වීමේ දී ඉන්දියාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. ඒ අනුව ඉන්දියාව මේවන විටත් කළාපය තුල ආදර්ශමත් ගමණක් පැමිණ ඇති අතර එය කළාපයේ සෙසු රටවල් වලටද කදිම මග පෙන්වීමකි.