චීන සිනෝෆාම් එන්නත රට තුළ භාවිතය වළක්වන මෙන් ඉල්ලා රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව එම එන්නත මෙරට තුළ භාවිතය වළක්වන මෙන් පෙත්සම් කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ අධිකාරියේ අනුමැතියකින් තොරව එන්නත භාවතයට ගැනීමෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවය