ලංකාවේ විවිධ ව්‍යාපෘතින්හි සේවය කරන චීන ජාතිකයන් ද ඉලක්ක කරගෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක තොගයක් මෙරටට චීන රජය විසින් ලබා දුන්නද එම එන්නත ලබා ගෙන ඇත්තේ ලංකාවේ ජීවත්වන චීන ජනතාවගෙන් 3000ක ප්‍රමාණයක් පමණකැයි යැයි ලංකාසර කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
කෙසේ නමුත් එන්නතේ මුල් මාත්‍රාව ලබා ගත් පිරිසට එහි දෙවන මාත්‍රාව හෙට (27) ලබා දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කීවේය.
මෙම එන්නත මෙරට ජනතාවට ලබා දීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුවේ අවසර හිමි නොවී ඇති අතර අවසර ලබා දීම සඳහා එන්නතේ ආරක්ෂිතබව සහ සඵලතාවය පිලිබඳ දත්තයන් ඉල්ලා සිටි නමුත් මේ වන තෙක් චීන රජය එය ලබා දීමට කටයුතු කර නැත.
කෙසේ නමුත්සයිනොෆාම් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි භාවිතය සදහා අවසර ලබා දෙන්නේ නම් මෙරට තුළ භාවිත කළ හැකි බවද පැවසේ.