බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන්නුන්ට උතුරු මුහුද බදු දී ධීවරයන් අනාථයින් කළ හිඟන්නෝ

by editor
ජූනි 30, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –


•මුහුදු කූඩැල්ලො අභිජනනය කරන්න කියලා ඇවිත් දියේ කිමිදිලා උන් අල්ලනවා… චීන්නුන්ට නීතිය ක්‍රියාත්මක නෑ

• පැත්ත පලාතෙ යන්න දෙන්නෙ නෑ… සියලුම අයිතිය බපත්‍රයකින් පවරලාලු….ඒත් බලපත්‍ර දුන්නෙ කවුද කියලා කියන්නෙ නෑ…

• ධීවර සංගම් නායකයො සල්ලිවලට අරන්… උන් දැන් චීන්නුද ඉස්සරහා ඇඹරෙනවා…

කිළිනොච්චියේ ධීවර සමීති සමූහය මීට වසරකට ඉහතදී මහත් කලබලයකට පත් වූයේ චීන සමාගමක් කිළිනොච්චියේ මසුන් ඇල්ලීමට එන ආරංචියත් සමගය. ඔවුන් මුලින්ම කලේ ඒ පිළිබඳව පළාතේ ධීවර අධ්‍යක්ෂ කාර්යලයේ නිලධාරීන් දැණුවත් කිරීමය. නමුත් ඒ වන විටත් එම නිලධාරීන් කිළිනොච්චියට මෙවැනි පිරිසක් පැමිණෙන බව දැන සිටියේ නැත.

කෙසේ හෝ මාසයක් පමණ යන විට චීන ජාතිකයින් එක්කෙනා දෙන්නා බැගින් කිළිනොච්චියට පැමිණෙන විට ධීවරයින්ට මේ වැඩේ පත්තු වුණේ කවුරුන් හෝ මීට මැදිහත් වී සිටින බවටද තොරතුරු ලැබෙමිනි. ඔවුන් කළේ එදා චීන සමාගමක් කිළිනොච්චියේ සත්ස්‍ය සම්පත ඩැහැ ගැනීමට පැමිණීමේ සිද්ධියට විරෝධය පලකරමින් පෙළපාලියක් සංවිධානය කිරීමය.

මේ ඉතිහාස කතාව ගැන කිළිනොච්චිය පුනරීන් එක්සත් ධීවර සංගමයේ සභාපති ජෝෂප් ෆැන්සිස් යළිත් ආවාර්ජනය කළේය.

චීන බොරුව –

උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම තහනම්ය.

”අපි විරුද්ධ වුනාම කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ රැස්වීමක් තිබුණා. මේකෙදී අපේ ධීවරයෝ වැඩේට විරුද්ධ වුණා. චීන ජාතිකයිනුත් මෙතෙන්ට ඇවිත් හිටියා. ඒ අය කිව්වේ එයාලා මාලු අල්ලන්නේ නෑ. එයාලා කරන්නේ මුහුදු කූඩැල්ලෝ හදලා ඒ පැටවු විකුණන එක විතරයි කියලයි. අපිට ඕනෑම වෙලාවක ඒ මුහුද අවට පළාතේ මසුන් මරන්න වෙනත් කටයුතු වල නිරත වෙන්න කිසිම බාධාවක් නෑ කියලත් ඔවුන් කිව්වා.“

අපි ඒ වෙලාවෙම කතිකා කර ගත්තේ මේ වැඩේ හරි යන එකක් නෙමෙයි කියලයි. ඒක නිසා අපි නැවතත් මේකට කැමති නෑ කියලා කිව්වා. ඊට පස්සේ ඔවුන් කිව්වේ ඔවුන් කිළිනොච්චියේ පුනරීන් කවුදාරීමුනෙයි පළාත විතරක් මේ කටයුත්තට තෝරා ගන්නවා කියලයි. ඒ මධ්‍යස්ථානයේ සියලුම ලියාපදිංචි කිරීම් අපේ ධීවර සමීතියේ නමින් කරගෙන යන්නටත් ලාබයෙන් යම් කොටසක් අපේ සමිතියට දෙන්නත් පුලුවන් කියලත් ඔවුන් කිව්වා. අපි ඊට පස්සේ කිව්වේ කිළිනොච්චියේ රජයේ බලධාරියෙකුගේ මැදිහත්වීම මත නිවැරදි ගිවිසුමක් අත්සන් කරනවනම් අපි වඩේට කැමතියි කියලයි.“

“ අපි ආයෙ දවසක මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ගිවිසුමක් අත්සන් කරමු කියලා ඒ සාකච්ඡාව අවසන් කළා. ඒත් දැන් මාස දෙකකට පමණ ඉස්සර වෙලා ඉදලා චීන සමාගමේ අය වැඩේ පටන් අරන්. එයාලා මුහුදු කූඩැල්ලෝ අල්ලන්නේ නෑ කියලා කිව්වට ඒ අය මුහුදු කූඩැල්ලන් අල්ලනවා අපේ අය වීඩියෝ කරලත් තියනවා.“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

නීතිය අපට විතරයි..

“දැන් ප්‍රශ්නය අපිට ඒ පැත්තේ යන්න එන්න බෑ. එයාලා මුහුදු කූඩැල්ලෝ ඇල්ලුවත් නිලධාරීන් නිහඬව ඉන්නවා. නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නේ අපිට විතරයි. දකුණේ සිංහල ධීවරයෝ ඉස්සර කණ්ඩායම් පිටින් ඇවිත් කිමිදුම් කට්ටල භාවිතා කරලා මුහුදු කූඩැල්ලන් ඇල්ලුවා. මුහුදු කූඩැල්ලන් අල්ලන එක නීතියෙන් තහනම් ව්‍යාපාරයක්. ඉතින් දකුණේ සිංහලයින් එහෙම කරණ කොට අපි ඔවුන්ට විරුද්ධව සටන් කළා. නිලධාරීන්ට කියලා එයාලව අපි ඇල්ලුවා. උසාවි දැම්මා. ඒ අය අපිත් එක්ක තදින් අමනාප වුණා. හදිස්සියකට අයිස් කුට්ටියක්වත් ඒ අය අපිට නොදෙන තත්ත්වයකට ආවා. කොහොම හරි වැඩේ නැවතුණා..

දැන් මේ චීන සමාගම මුහුදු කූඩැල්ලෝ හදන්න කියලා ඇවිත් මුහුදු කූඩැල්ලෝ අල්ලනවා. අනිත් මසුනුත් අල්ලනවා ඇති. අපිට බලන්න යන්න අවසරයක් නෑ. අපි යනකොට එතන ඉන්න චීන සමාගමේ ලොක්කා කියන්නේ එයාට ඒ සියලුම කටයුතු සඳහා බලපත්‍රයක් තියනවා කියලයි. මේ බලපත්‍රය දුන්නේ කවුද කියලා හොයලා බලන්න කිසිම නිලධාරියෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. දැන් පුනරීන් පළාතේම ධීවරයින් පීඩාවට පත් වෙලා ඉන්නේ”

චීන සමාගමේ පැටිකිරිය

මුහුදු කුඩැල්ලන් අභිජනනය කිරීම සඳහා අවසර ඉල්ලා ඇති මේ සමාගම පූර්ණ වශයෙන් චීනයට අයත් සමාගමක් නිසා ඊට අවසරයක් ලබා ගැනීම මුල් කාලයේදී ඉතා අසීරු වී තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ තවත් එවැනිම මුහුදු ආහාර සකසනු ලබන සමාගමක සහය මත දෙපිරිස හවුල් වී අලුතින් තනාගත් සමාගමක නාමයෙන් මේ කටයුතු සිදු කරගෙන යයි.

මේ නව සමාගම කිළිනොච්චියට පැමිණීමට පෙර මුහුදු කූඩැල්ලන් සම්බන්ධ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත්තේ යාපනයේ අරියාලේ ප්‍රදේශයේය.

එම සමාගමේ කටයුතු සාර්ථක නොවීමෙන් පසුව ඔවුන් කෙමෙන් කෙමෙන් කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයට පැමිණ තිබේ. අරියාලේ ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් සම්බන්ධ මධ්‍යස්ථානය වසා දමා නැතත් එහි ක්‍රියාකාරකම් අඩු වශයෙන් සිදු වන්නේ ලාබය අඩු වීම නිසාය.

කිළිනොච්චි ධීවරයින්ට සීමා වැටීම

නමුත් කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයේ ආරම්භ කොට පවත්වා ගෙන යන මධ්‍යස්ථානයේ ප්‍රගතිය ඉතා සාර්ථක නිසා චීන සමාගම දිනෙන් දින ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදු කරණ මුහුදු සීමාව වැඩි කරන්නට පටන් ගෙන ඇත.

මේ තත්ත්වය නිසා කිළිනොච්චියේ ධීවරයින්ට සිය ඉස්සන් කොටු කකුලුවන් කොටු පවත්වාගෙන යාමේ වපසරිය දවසින් දවස හීන වෙන්නට පටන් ගෙන තිබේ. මුලින් පුනරීන් කව්දාරීමුනෙයි ධීවර සංගමයට ලාබයෙන් කොටසක් දෙන බවටත් එහි සියලු අයිතිය එම ධීවර සංගමයේ නමින් ලියාපදිංචි කරණ බවත් ප්‍රකාශ වූවත් දැන් කිළිනොච්චියේ ධීවරයින්ට සිදුව ඇත්තේ ඔවුන් සතුව පාරම්පරිකව තිබූ මුහුද චීන ජාතිකයින් හොර රහසේ බද්දට ගෙන සිටින මොහොතක ඒ දෙස බලා විරිත්තන්නට පමණි.

නීතියේ හිල්

කිළිනොච්චියේ ධීවරයින් මේ චීන සමාගමේ උගුලකට හා උපක්‍රමයකට හසු වී සිටින අතරවාරයේ සමස්තයක් වශයෙන් මුලු උතුරේම ධීවරයෝ ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය නිසා පීඩා විඳිති. තත්ත්වය එසේ තිබියදී අලි මදිවාට හරක් යැයි කියන කියමන සේ චින සමාගම්ද දැන් උතුරේ ධීවරයින්ට විවිධ බලපෑම් කරමින් කොකා පෙන්වීමට පටන් ගෙන තිබේ.

යාපනය වඩමරච්චි ධිවර සංගමයේ සභාපති එස්.වර්ණකුලසිංහම් කියන අන්දමට මේ ප්‍රශ්නය ඉදිරියේදී ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට වඩා භයානක විය හැකි බවය. උතුරට එන ඉන්දීය ධීවරයින් මැඩ පැවැත්වීමට සීමා කිරීමට හා ඔවුන් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරණ නමුත් චීන සමාගම් වලට එවැනි තහනමක් නොමැත. රජයේ බොහෝ පාර්ශ්වයන්ගේ ආශිර්වාදයද ඔවුන්ට ලැබෙන නිසා අවසානයේදී අසරණ වන්නේ උතුරේ ධීවරයාම පමණක් බව වර්ණකුලසිංහම් ධීවර නායකයා කියා සිටියි.

” ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම දැන් වසර ගණනාවක් තිස්සේම සිදු වෙනවා. මේ ප්‍රශ්නය නිසා පීඩා විදින්නේ උතුරේ ධීවර ජනතාවයි. ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මුහුදේ ඉන්න මසුන් කොල්ලකෑම පමණක් නෙමෙයි අපේ ධීවරයින් අල්ලා ගන්නා මාලුත් මංකොල්ල කනවා. ඒ ධීවරයෝ අපේ ධීවරයින්ට පහර දෙනවා. දැල් ආම්පන්න කපා ගෙන යනවා. ඔවුන්ගේ බොටම් ට්‍රෝලරින් ක්‍රමය නිසා මාලුන්ගේ බිත්තර විනාශ වෙනවා. මේ නිසා මාලු බෝවීම අඩු වීගෙන යනවා. ඔවුන්ගේ කොකු දැල් වලට හසුවී සාගරයේ කොරල් ඇතුලු සියලු දේ විනාශ වෙනවා. මේ තරම් හානියක් වෙලත් මේක නතර කර ගන්න ලංකාවේ බලධාරීන්ට හැකියාව ලැබිලා නැහැ.

නාවික හමුදාව මේ ඉන්දීය ධීවරයින්ගේ පැමිණිම නතර කරන්න විශාල උත්සාහයක් ගන්නවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ ඉතාම අඩුවෙන්. නාවික හමුදාව ඉන්දියාවේ ධීවරයින් හතළිහක් විතර එක පැත්තකින් අත් අඩංගුවට ගන්නකොට අනිත් පැත්තෙන් ඉන්දීය ධීවරයෝ හත් සීයක් විතර හොරෙන් මාලු අල්ලනවා.

මේ විදිහට බලනකොට චීනයෙන් ඇවිල්ලා ඉන්න අයව කොහොමවත් නවත්වන්න ලැබෙන්නේ නෑ. මේක නිසා අපි ඉල්ලන්නේ මේ චීන සමාගම් වලට විවිධ ධීවර කටයුතු සදහා අපේ මුහුද ලියලා දෙන්න එපා කියලයි.”

චීන්නුන්ට දුන් බලපත්‍රය කුමක් ද?

චීන සමාගම් උතුරු පළාතට පැමිණ විවිධ ධීවර කටයුතු වල නිරත වන්නට පටන් ගෙන මාස තුනකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇතත් අපේ රටේ ධීවර දෙපාර්තමේන්තුව සතුව හෝ චීන ජාතිකයින්ට ලැබී ඇති බලපත්‍ර සම්බන්ධ කිසිම සටහනක් නොමැත.ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධිකාරක ඇන්ටන් ජේසුදාසන් පවසන්නේ ඔවුන්ද ඒ පිළිබදව සොයා බලමින් සිටින බවයි.

” උතුරේ මේ වගේ දෙයක් සිදුවනවා කියන කාරණ‍ය ඒ පළාත් වල ධීවර සමීති අපට දැණුම් දුන්නේ දැන් සතියක පමණ කාලයකට ඉහතයි. ඒකට හේතුව ඔවුන් ප්‍රාදේශීය මට්ටමේ සිටින බලධාරීන් සමග සාකච්ඡා කොට යම් විසඳුමක් ලබා ගැනීමට ගත වූ කාලයේදී උත්සාහ කිරීමයි. නමුත් එය සාර්ථක වී නොමැති බව අපිට පේනවා.“

“මෙතැන තියන ලොකුම ප්‍රශ්නය තමයි මේ ධීවර කටයුතු සදහා චීන සමාගම් වලට බලයක් හෝ බලපත්‍රයක් දීලා තියෙන්නේ කවුද කියන කාරණයයි. ඒක හොයා ගන්නවත් නෑ. අඩුම තරමින් ධීවර දෙපාර්තමේන්තුවවත් මේ ගැන දන්නේ නෑ. අපිට කිළිනොච්චියේ ධීවර සමීති මේ ගැන කිව්වම අපි හොයා බැලුවා. නමුත් තොරතුරු නෑ. ඒක නිසා අපි තොරතුරු දැන ගැනිමේ පනත ඔස්සේ අයදුම් පත් යොමු කරලා අදාල අංශ වලින් ඉල්ලීමක් කරලා තියනවා මේ චීන සමාගම් වලට බලපත්‍ර දීලා තියෙන්නේ කවුද කියලා තොරතුරු ඉදිරිපත් කරණ හැටියට. තවමත් ඒ තොරතුරු අපිට ලැබිලා නැහැ.“

“මේ තොරතුරු ලැබුණට පස්සේ අපි උතුරේ සියලුම ධීවර සංගම් සමග සාකච්ඡා කරනවා. ඊට පස්සේ තීරණයකට එනවා මේ සම්බන්ධයෙන් ගන්නට පුලුවන් ක්‍රියා මාර්ගයන් මොනවාද කියන කාරණය ගැන. මේ කටයුතු ඉතාම අසාධාරණයි කියලා තමයි අපි කියන්නේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නට අපි බලාපොරොත්තු වෙනවා.“

ඇස් පනාපිට පෙනෙන චීන ආක්‍රමණය

ධීවර සංවිධාන විසින් චීන සමාගම් පිළිබදව තෝම්බු සොයමින්ද ඔවුන්ට බලපත්‍ර නිකුත් කළ පිරිස් සොයමින්ද කටයුතු කරද්දී චීන සමාගම් දවසින් දවස මීටර් ගණනින් ඔවුන්ගේ ව්‍යාපෘතියේ පරිමා ක්ෂේත්‍රය පුලුල් කරමින් සිටියි. පුනරීන් ප්‍රදේශයේ මුහුද මැද ඔවුන් මුලින් ඉදි කළ එකම එක අට්ටාලය වෙනුවට දැන් අට්ටාල ගණනාවක්ම ඉදි වී තිබේ. මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීම සඳහා ඉදි කරණ ලද කොටු ද ඒ ප්‍රමාණයටම දවසින් දවස වැඩි වෙමින් පවතී.

ධීවර සමිති නායකයන් බාගෙන

එය එසේ සිදු වෙද්දී මුදල් හා වෙනත් වරප්‍රසාද ලබා දී මේ චීන සමාගම් වලට විරෝධය පලකොට සිටින ධීවර නායකයින්ව බිලී බාගැනීමට චින සමාගම් උත්සහ දරා තිබේ.

අප එය එසේ කියන්නේ මේ චීන සමාගම් වලට එරෙහිව කිළිනොච්චියේදී ප්‍රබල හඩක් නැගූ ධීවර සමීති නායකයන් දැන් එකිනෙකා අනෙකාට බෝලය පාස් කරමින් මේ විරෝධතාවලින් ඉවත්ව සිටින්නට පටන් ගෙන ඇති නිසාය. කෙටියෙන්ම කිවහොත් ”අපිට බැරි දේ ඒ අය හරි කර ගත්තට කමක් නෑනේ ” යන කියමනට වැටීමට තරම් කිළිනොච්චියේ ඇතැම් ධීවර සමීති නායකයෝ මුදල් හමුවේ දියවී ගොස් සිටිති.

එනම් ඔවුන් සටන පාවා දී හමාරය. නමුත් පිට කොන්දක් ඇති ධීවර නායකයින් කීප දෙනෙකු තවමත් සටන පාවා දී නොමැත. ඔවුන් මේ ගැන දවසින් දවස විපරමෙන් සිටියි. අවසානයේදී කුමක්වත් කළ නොහැකිනම් චීන සමාගම් වලට එරෙහිව කිළිනොච්චියේ විරෝධතා පැවැත්වීමට හෝ ඔවුන් සූදානමින් සිටියි. කිළිනොච්චියේ පිරිස ප්‍රමාණවත් නොවන නිසා ඊට සහය දක්වන ලෙස දකුණේ ධීවර සංගම් වලට ආරාධනය කිරීමටද කිළිනොච්චියේ ධීවර සමීති බලාපොරොත්තු වෙයි. කෙසේ වෙතත් මේ අර්බූදය උතුරු පළාත තුළ තවත් විශාල අර්බූදයක් වනවාට කිසිදු සැකයක් නොමැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හමුදා ජෙනරාල්ගේ හිරිහැරයට ලක්වූ වනජීවී නිලධාරීන් තවමත් අලි හොරු දෙදෙනකු පසුපස !

Next Post

වධක කපුවාගේ දේවාලයේ දී දරුඵල නැති ගැහැණු ගැබ්බර කරන ප්‍රාතිහාර්යය….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.