අනෙකුත් රටවලට සාපේක්ෂව චීනය විසින් මුහුද ගොඩ කර ගොඩගැනීම වැඩසටහන් වල පවතින විශාලත්වය සහ අයහපත් බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය චෝයි සිය කනස්සල්ල පළ කරයි.
ඇය පවසන පරිදි, වර්ධනය වෙමින් පවතින වෙරළබඩ ප්‍රදේශ මේවන විට විශාල පීඩනයකට මුහුණ දෙන අතර චීනය විසින් සිය මුහුදු ගොඩකිරීමේ උත්සාහයන් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඇති විය හැකි අනතුර බොහෝ දුරට නොසලකා හැර තිබේ.
කෘතිම දූපත් නිර්මාණය කිරීම විසිඑක්වන සියවසේ වෙරළබඩ ඉඩම් ගොඩකිරීමේ වඩාත්ම කැපී පෙනෙන අංගයකි. චීනයේ ටැන්ෂාන්හි පාරිසරික නගරය ඇතුළුව මුහුදු කළාප ගොඩ කිරීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබේ. එපමනක් නොව නගර සශ්‍රීක අක්වෙරළ ඉදිකිරීම් සඳහා වැඩි වැඩියෙන් ඉඩම් අත්පත් කර ගනිමින් සිටියි.
මෙම ගොඩකිරීමේ ව්‍යාපෘති හේතුවෙන් වෙරළබඩ නගර මුහුදු මට්ටම ඉහළ යාමට සහ වෙරළබඩ ගංවතුරට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැවින්, එවැනි මතභේදාත්මක වෙරළ ගොඩකිරීමේ කොටස් ඇත්ත වශයෙන්ම ඔවුන් පවසන පාරිසරික අරමුණු ඉටුකර ගන්නේද යන්න පිළිබඳව විශේෂඥයින් සැලකිලිමත් වේ.
2000 වසරේ සිට, ශීඝ්‍ර නාගරික ව්‍යාප්තිය සහ ආර්ථික වර්ධනය සමඟ වෙරළබඩ ඉඩම් සම්පත් හිඟය සමනය කිරීම සඳහා චීනයේ බොහෝ වෙරළබඩ ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කෘතිම වෙරළ තීරයන් සැලකියයුතු ලෙස වැඩි වී ඇත.
මේ අතර, වෙරළ ගොඩකිරීම් අනිවාර්යයෙන්ම ජෛව විවිධත්වය අහිමි වීම, ජල දූෂණය සහ තෙත් බිම් හායනය වැනි සෘණාත්මක පාරිසරික හා පාරිසරික ගැටළු ගෙන එයි. එම භූමියෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් නැගෙනහිර ආසියාවේ නිර්මාණය කරන ලද අතර, බොහෝ විට ගෝලීයකරණය වූ ආර්ථිකයට අවශ්‍ය කර්මාන්ත සහ වරාය පහසුකම් සඳහා මග සැලසීම සඳහා එම ඉඩම් ගොඩකිරීම සිදුකර ඇත.
2000 සිට 2020 දක්වා, ෂැංහයි පමණක් වර්ග කිලෝමීටර් 350 ක් පමණ භූමියෙන් මුහුද ගොඩ කිරීමෙසන් එකතු කරන ලද අතර, සිංගප්පූරුව සහ දකුණු කොරියාවේ ඉන්චියොන් ද විශාල නව ප්‍රදේශ මතු කළේය. චෝයි පැවසුවේ, මෑතක් වන තුරු, ගොඩකිරීමේ ව්‍යාපෘති දේශගුණික විපර්යාසවලට සම්බන්ධ මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඇති වන අවදානම සැලකිල්ලට නොගත් බවයි.
ඒ අනුව ඉදිරියේදී කාලගුණ විපර්යාස වල බලපෑම් මෙම ප්‍රදේශ වලට විශාල වශයෙන් බලපෑමට ඉඩ පවතින බවටද ඇය වැඩිදුරටත් පේනවා දුන්නාය.







