දකුණු චීනයේ ගුඅන්ඩොන්ග් (Guangdong) පළාතේ ළදරු පාසලක අද (10) සඳුදා එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව නගර රජයේ ප්‍රකාශිකාවක් පැවසුවාය.
සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක්වූවන් පිළිබඳ කිසිදු තොරතුරක් පොලිසිය විසින් අනාවරණය කර නොමැති බව වාර්තාවේ.
“විපතට පත්වූවන් අතර එක් ගුරුවරයෙකු, දෙමාපියන් දෙදෙනෙකු සහ සිසුන් තිදෙනෙකු සිටින බව” ඇය පැවසුවාය.
ලියාන්ජියැන්ග් නගරයේ සිදු වූ ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ අනන්‍යතාව සහ වයස පිළිබඳව හෝ ප්‍රහාරය සඳහා යොදාගත් ආයුධය පිළිබඳව ඇය විස්තර ඉදිරිපත් කළේ නැත.
“එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත,” ඇය වැඩිදුරටත් කියා සිටියේ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
චීනය පුරවැසියන්ට ගිනි අවි ළඟ තබා ගැනීම දැඩි ලෙස තහනම් කර ඇති අතර මෑත වසරවලදී පිහි ඇනුම් රාශියක් සිදු විය.
විශේෂයෙන් පාසල් ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාර රටපුරා සිදුවී ඇති අතර, පාසල් අවට ආරක්ෂාව තර කිරීමට බලධාරීහු කටයුතු කර ඇත.ච







