චීනය විසින් සිය න්‍යෂ්ටික අවි සම්බන්ධනේ ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඒ අනුව තම න්‍යෂ්ටික අවි විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් එහි ප්‍රබලත්ව පෙර කවදාටත් වඩා ඉදිරියෙන් පවතින බවද චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර තම රාජ්‍යයේ ආරක්ෂාව අවශ්‍ය ඕනෑම මොහොතක භාවිතා කිරීමට සූදානම් බවද හෙතෙම පවසා ඇත.
චීන ආරක්ෂක අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර ඇත්තේ පසුගියාද සිංගප්පූරුවේ පැවති ශැන්ග්‍රිලා කතිකාවට එක්වූ අවස්ථාවේදීය.
මෙහිදී චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මුහුණට හමුවී විශේෂ ද්වීපාර්ශවීය සාකච්ඡාවක්ද පවත්වා ඇත. මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවති අතර එය මෑත කාලයේ සිදුවූ සුවිශේෂී හමුවක් ලෙසද හඳුන්වා දීමට හැකිය.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක සඳහන් කර ඇත්තේ සාකච්ඡා ඉතාම සාර්ථක මට්ටමෙන් පැවති බවයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී චීනය විසින් තමන් තායිවානය චීනයට අයත් භූමියක් ලෙස දරණ මතයේ කිසිඳු වෙනසක් නොමැති බවට යලිත් අවධාරණය කර තිබෙන බවද වාර්තවේ.
පසුගිය වසරේදී චීනය විසින් අන්තර් මහද්වීපික මිසයිල ස්ථාන ගතකිරීම් සියයකට අධික සංඛ්‍යාවක් සිදුකිරීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසා ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ චීනය සෑම විටම නිස ක්‍රමවේද ඔස්සේ සිය න්‍යෂ්ටික ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කර ඇති බවත් එය හුදෙක් සිය රටේ ආරක්ෂාව බවත් කිසිම අවස්ථාව න්‍යෂ්ටික අවි භාවිතා කළ පළමු රට තමන් නෙවනු ඇති බවත්ය.
චීනය මේවන විට සීඝ්‍රයෙන් සිය යුධ ශක්තිය වර්ධනය කරගනිමින් සිටින අතර ලොව විශාලතම නාවික හමුදාව සතුවන්නේද චීනය වන අතර ඉදිරියේදී සමුද්‍ර බලයෙන් වැඩි කොටසක් ඔවුන් සතුවීටමද ඉඩකඩ පවතී.