අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට දුන් “චාන්ස්“ ඉන්දියාවත් ඉල්ලූ නිසා ECT ගිවිසුම හැකිලුවා

කැබිනට් පත්‍රිකාවෙන් අනාවරණය වෙයි 

by editor
පෙබරවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි  සමාගමට ලබා නොදීමට මූලික හේතුව ඔවුන් CICT  පර්යන්තය සම්බන්ධව චීන සමාගමට ලබා දුන් සහන වරප්‍රසාද සහ   ගිවිසුම් කොන්දේසිවලට සමාන අවස්ථා    ඉල්ලා සිටීම හා  ඉන්දීය  සමාගම මෙම ගිවිසුමේ ප්‍රධාන මූල්‍යමය වගන්ති පිළිබඳව නම්‍යශීලී නොවීම යන කාරණා බව මේ පිළිබඳව පසුගියදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

ඒ අනුව මෙම ඉන්දියානු හවුල් ආයෝජනයට යාම ඵලදායී නොවන බවට මේ සම්බන්ධ  සාකච්ඡා සම්මුති සඳහා පත් කළ  කමිටුවේ තීරණය වූ බව ද මෙම කැබිනට් පත්‍රිකාවේ  සඳහන් වේ.

කොළඹ දකුණු වරාය සංවර්ධනය- නැගෙනහිර බහලු පර්යන්තය සහ බටහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කිරීම හිසින් පසුගිය ජනවාරි 31 දාතමින් ඉදිරිපත්ව ඇති මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ තවදුරටත් සඳහන් වන්නේ නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය සහ ඉන්දියානු රජය අත්සන් කර ඇති ගිවිසුමට අනුව ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් එකොනොමික් සෝන්ස් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ගැන එම සමාගමේ නියෝජනයද සහිතව මෙම එකඟතා කමිටුව පසුගිය ජනවාරි මස 27 සහ 28 යන දෙදින සාකච්ඡා කළ බවය.

මෙහිදි අදානි සමාගම 2009 වසරේදී යෝජනාවක් වශයෙන් ඉදි කිරීමට එකඟ වූ කොළඹ වරායේ කොළඹ  ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) වෙනුවෙන් ලබා දුන් ගිවිසුම් නියමයන්, කොන්දේසි සහ ශ්‍රි ලංකා වරයා අධිකාරියට ගෙවිය යුතු ගාස්තු වරප්‍රසාද කොළඹ වරායේ යෝජිත නැගෙනහිර පර්යන්ත සංවර්ධනයේදී ද ලබා දිය යුතු බවට යෝජනා කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් 2009 වසර් ආර්ථික අවපාතයක් පැවැති අවස්ථාවේ චීනයෙන් මෙම ආයෝජනය පැමිණි බවත් එකල දියකඩනයේ ඉදි කිරීම් පවා සම්පූර්ණ වී නොමැති තත්ත්වයක එම දිය කඩනයේ ඉදිකිරීම්වලට සමගාමීව වරාය සංවර්ධනය කිරීමට චීන ආයෝජකයන් කැමත්ත පළ කළ බැවින් ඊට අදාළව ගිවිසුම සකස් කළ නමුත් මේ වනවිට පවතින තත්ත්ව වෙනස් බැවින් එම චීන ආයෝජකයන් සමඟ අත්සන් කළ ගිවිසුමට සමාන නියමයන් සහ කොන්දේසි සහිතව ගිවිසුම් ගත විය  නොහැකි බවට මෙම එකඟතා කමිටුව අදානි සමාගමට ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම එහිදී ශ්‍රි ලංකා පාර්ශ්වය අවධාරණය කර ඇත්තේ නැගෙනහිර පර්යන්තයේ මූල්‍ය ප්‍රතිලාභ CICT පර්යන්තයට වඩා නිසැකවම වැඩිවන බැවින් එය සිදු කළ නොහැකි බවය. මේ තත්ත්වය මත වරාය අධිකාරියට සහ රජයට කළ යුතු ගෙවීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයට නොහැකිව තිබේ.

මෙම තත්ත්වය මත අදානි සමගාම සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම අපහසු බවට තීරණය කොට ඇති අතර මෙම ජැටිය තනිකරම වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමටත් ඒ වෙනුවට බටහිර ජැටිය  ඉදිකිරීම, පවත්වාගෙන යාම සහ පැවරීම   (Built Own & Trasfer) පදනම මත ඉන්දියානු සහ ජපාන රජයයන් විසින් නම් කරනු ලබන ආයෝජකයන් වෙත සීඅයිසීටී පර්යන්තය ලබා දුන් පදනමින්ම ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමින් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්නලා තියනවා…

Next Post

කොවිඩ් බෙදන්න එපා… වවුනියාවේ දෙමළ සංවිධාන  06ක් පෙළපාළි කරුවන්ට විරෝධය පාති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.