ඉන්දියානු නිෂ්පාදන, චීන වෙළෙඳපොළ වැඩි වශයෙන් වැළඳගත යුතු බවත්, ඉන්දියානු නිෂ්පාදන අපනයන වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයක් සඳහා වූ ප්‍රවර්ධන උත්සවයකදී වෙළෙඳ නියෝජිතයින් අමතමින් චීන කොන්සාල් ජෙනරාල් කොන්ග් ෂින්හුවා පවසයි.
පසුගිය වසරේ ඉන්දු-චීන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 136 ක නව වාර්තාවක් කරා ළඟා වූ අතර, චීනය ඉන්දියාවට කරන ලද අපනයනවලින් ඩොලර් බිලියන 118 ක් සහ ඉන්දියාව චීනයට කළ අපනයනවලින් ඩොලර් බිලියන 18 ක් ඇතුළත් වන බව ඔහු පැවසීය.
“දත්ත සම්පූර්ණ ඇත්ත කතාව කියන්නේ නෑ.. චීනයේ අපනයන බොහොමයක් අතරමැදි නිෂ්පාදන.. අන්තිමට ඒ නිෂ්පාදන වෙනත් රටවලදී ඉන්දියානු අපනයන බවට පත් වෙනවා..”
ඔහු සඳහන් කර තිබේ.
වැඩිදුරටත් ඔහු, වෙළඳ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ චීන වෙළෙන්දන් සහ ගනුදෙනුකරුවන් සමඟ මිත්‍රත්වය ඇති කර ගන්නා ලෙසත්, නිෂ්පාදන සහ චමත්කාරය සමඟ ,ඔවුන්ගේ හදවත දිනා ගන්නා, ලෙසත් ය.
එලෙසම, තොරතුරු තාක්‍ෂණය සහ චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉන්දියාවට ශක්තියක් ඇති බව ප්‍රකාශ කළ ෂියැන්හුවා සමුළුවට පැමිණ සිටි අයගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ විශේෂතාවලින් ප්‍රයෝජන ගන්නා ලෙසයි.