යුරෝපා සංගමය තුල එකම වර්ගයේ ජංගම දුරකථන චාජරයක් භාවිතා කිරීමට අනුගතවීම විශේෂ යෝජනාවක් යුරෝපා කොමිසමට ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව ඉදිරියේ යූ.එස්.බී සී වර්ගයේ චාජර පමණක් සියලුම ජංගම දුරකථන, ටැබ් යන්ත්‍ර ඇතුළු ඉලොක්ට්‍රොනික් උපාංගවලට භාවිතා කිරීමට මෙහිදී යෝජනා වී ඇත.
අදාල යෝජනාව මගින් දුරකථන චාජර් භාවිතය අවම කිරීමත් එමගින් ඉවතල ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය අවම කිරීමත් මෙහි එක් පරමාර්ථයක් වී තිබේ.
වසර දහයක කාලයක සිට මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුල සාකච්ඡවට බදුන්වී තිබූ අතර එමගින් පාරිසරික මෙන්ම පාරිභෝගිකයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 292ක් ඉතිරි කරනු ඇති බවට ගණන් බලා ඇත.
මෙම නව තීරණයත් සමග ඇපල් සමාගමට විශාල බලපෑමක් එල්ල වනු ඇති බවට පැවසේ.
ඇපල් සමාගම මේවන විට සිය ජංගම දුරකථන වල චාජර් ලෙස ලයිට්නින් කනෙක්ටර්ස් භාවිතා කරයි.
ඒ අනුව මෙම නව තීරණය සමාගමට විශාල බලපෑමක් එල්ල කරන බවත් එය නව නිර්මාණ බිහිවීමට භාදාවක් බවත් එමගින් අවසනයේ පාරිභෝගිකයන්ට අයහපත් ලෙස බලපාන බවද ඇපල් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.
ඇපල් සමාගමේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ ප්‍රධානී තියෙරි බ්‍රෙටන් පවසා ඇත්තේ විධිමත් ක්‍රමවේදයක් සකස්කරන සැම අවස්ථාවකම තාක්ෂණික සමාගම නව නිර්මාණ වලට හානිවන බවට පවසමින් අදාල ක්‍රමවේද වලට භාදා පමුණුවන බවයි.
එසේම කොමිසම කටයුතු කරන්නෙ පාරිභෝගිකයන් හට උපරිම සාධාරණයක් සහ ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින් බවද ඔහු වැඩුදුරටත් පවසා ඇත.
අදාල යෝජනාව ක්‍රියාත්මක වීමට යුරෝපා සංගමයේ සාමාජිකයන්ගේ එකගතාවය ලැබිය යුතුය.
එසේම අදාල නිෂ්පාදන සමාගම්වලට අදල නීතියට අනුගවෙමින් නිෂ්පාදන කටයුතු කිරීම් ආරම්භ කිරීමට සහන කාලයක් ලබාදීමටද නියමිතය.







