ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන් එල්ලකරන තර්ජන පිළිබඳව තමන්ට දැඩි පිළිකුලක් ඇතිවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මේ තත්ත්වය තුළ චමුදිතගේ ආරක්ෂාව තර කිරීමට වහා කටයුතු යොදන මෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.
ඔහු පවසන්නේ චමුදිතට හෝ චමුදිතගේ පවුලේ කෙනකුට කායික පීඩාවක් සිදු වුවහොත් එහි වගකීම ජාතික ජන බලවේගය භාරගත යුතු බව ඔහුගේ හැඟීම බවය.







