නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා පවිත්‍රතා කටයුතු අමාත්‍යංශය තුළ සිදුවුයේ යයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන දත්ත හා සංවාද වලට නෛතික බලයකින් තොරව සවන්අ දීමට අදාළ විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට තීරණය වී ඇත.
ඒ අනුව එළඹෙන 18 වනදා අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් හා දුරකථන ජාල සැපයුම්කරුවන්, වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවීමට මෙහිදී පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව මෙම තීරණය ගනු ලැබුවේ 2021.09.24 වන දින තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තමන්ගේ දුරකථන සංවාදයන් නිසි අවසරයකින් තොරව සවන්දීම මගින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට පාඨලී චම්පික රණවක මහතා විසින් කතානායකවරයා වෙත යොමුකරන ලද ලිපියකට අදාලවය.