සුමිත් පොතුපිටිය –
ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන පුද්ගලයෙකුගේ මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැනියමක් ඇඳ සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45ත් අතර වයසක පසුවන අයෙකු බවට පොලීසිය සැක පළ කරයි.
මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලීසිය කියා සිටියේය.
වාද්දුව ස්ථානාධිපති (වැඩ බලන) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.







