ගෝල්ෆේස්හි උද්ඝෝෂණයේ නිරතව සිටින්නේ දේශපාලන පක්ෂ දෙකට අයත් පිරිස් සහ විශ්විද්‍යාල සිසුන් බව පොහොට්ටුවේ ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
තමන් කළ සොයා බැලීමකදී ඒ බව තහවුරු වූ බවත් ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
එවැනි පසුබිමක් තුළ දේශපාලන න්‍යායපත්‍රවල කුමන්ත්‍රණවලට හසු නොවී හැට නව ලක්ෂක ජන වරම අනුව නියමිත කාලය අවසන් වනතෙක් ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.
ගෑස්, ඉන්ධන සහ විදුලිය ප්‍රශ්නය ඉදිරියේ දී ලැබෙන ණය ආධාරවලින් විසඳෙන විට මේ මිනිසුන් උද්ඝෝෂණ කරන්නට නොපැමිණෙන බවත් ඉන් පසුත් රටේ තැන තැන පවතින උද්ඝෝෂණ නිසා ආණ්ඩුවේ කටයුතු ප්‍රමාද වන්නේ නම්, හිරිහැරයක් ලෙස කටයුතු කරන්නේ නම් එයද මර්ධනය කරමින් රට ඉදිරියට ගෙන යෑම ආණ්ඩුවේ වගකීමක් බවත් මේ පිරිස ජනපතිවරයා වෙත දන්වා ඇත.
මේ අවස්ථාවේ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට කිසි විටෙකත් හැට නව ලක්ෂයේ වගකීම පැහැර හැරිය නොහැකි බව ඔවුන් පෙන්වා දී ඇත. මේ බලපෑම් කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ බව ආණ්ඩුවේ අභ්‍යන්තර අරංචි මාර්ග කියයි.