ජූනි 09 – 10 දෙදින තුළ ඇතිවූ කලහකාරී තත්ත්වයන් සඳහා චෝදනා ලද සැකකරුවන් ලෙස පොලිසිය විසින් නම් කරනු ලදුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් නියෝග කළ ගෝල්ෆේස් අරගලකරුවන් අතරින් රංගවේදීන්වන ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ රතිඳු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, ලහිරු වීරසේකර, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, මරදාන පොලීසියට අද පෙරවරුවේ භාර වූහ.
ජුනි 09 සහ 10 දිනවල කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබිනි.
පොලිසිය පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි හැර අනෙක් සැකකරුවන් 07 දෙනාම භාර වූ බවය.