ගෝඨාභය රාජපක්ෂ යළි රටට කැඳවා ගැනීම ප්‍රමාද කර ජනතා අනුකම්පාව ඇතිකර ගනිමින් නැවත එක් වරක් හෝ දේශපාලනයට සම්බන්ධ කරගත යුතු බවට පොහොට්ටුවේ රාජපක්ෂවාදීන් අවධාරණ කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ජනතා විරෝධය නිසා දේශපාලනයේ සිදුවූ වෙනස්කම් හැකි උපරිමයෙන් යළි සකසා ගැනීම කළ යුතු බව මෙම කණ්ඩායමේ මතය වී තිබේ.
අරගලකරුවන්ට මැයි 09 දා පහර දීම නිසා බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වී සිටින සනත් නිශාන්තට කැබිනට් ඇමති කමක් යෝජනා කරන්නේත් එම ප්‍රහාරය මෙහෙයවීමේ චෝදනා ලැබූ ජොන්ස්ටන් ප්‍රනාන්දු. රෝහිත අබේගුණවර්ධන, ජනතා අප්‍රසාදය හේතුවෙන් ඇමතිකම් අත්හරින්නට සිදුවූ එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නි ආරච්චි වෙත පොහොට්ටුව විසින් ඇමතිකම් යෝජනා කරන්නේත් ඒ පදනම මත පිහිටා බව දැනගන්නට ඇත.
එමෙන්ම නාමල් රාජපක්ෂ වෙනුවෙන් ද ඇමති ධූරයක් අපෙක්ෂා කරන බව පොහොට්ටුව ජනාධිපතිවරයා වෙත දන්වා තිබිණි.
ඊට අමතරව සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, සීබී රත්නායක, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත සහ කාංචන විජේසේකර පොහොට්ටුවෙන් නම් කර එවා ඇත.
සර්වපාක්ෂික ආණ්ඩුවේ සීමිත ඇමති මණ්ඩලය සඳහා වැඩි වගකීමක් ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණයට බව පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පවසා තිබිණි.