සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝටාට ගෙදර යන්න කියන්න  දිඹුලාගල මහා සංඝයා පා ගමනින් මහවැලි ගඟේ සාම පාලම මතට වඩිති…

මෙහෙ ඇවිත් බලන්න... මිනිස්සුන්ට කන්න නෑ.... හාමුදුරුවරුන්ට දානෙ නෑ... දිඹුලාගල රාහුලාලංකාර නා හිමි

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාවට පැට වී තිබෙන ජීවන බර වහාම අඩු කරන   ලෙසටත් බලකරමින්   දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්  වහන්සේලා පිරිසක් සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම සාමණේර හිමිවරු  හැත්තෑනමක්    පාගමනින් වැඩම කරවා පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම උඩ අද ( 13 )  සවස 3 ට පමණ විරෝධතාවයක නිරත වූහ.

ජනාධිපති, අගමැති, ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙන්ම එදා ,මෙදා, පැවති සියලු රජයන් වසර 74 ක සිදු කළ විනාශයට වගකිව යුතු බවත්, වත්මන් ආණ්ඩුව ජනතාවගේ ගැටලු හා දුක්කම් කටොලු තේරුම් නොගෙන සුර සැප විඳින බවත් උන්වහන්සේලා පැවසූහ.

ජනතාව විශාල පිරිසක් දැඩි ආර්ථික පීඩනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය මත ආණ්ඩුව ප්‍රමුඛ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඉල්ලා අස් වී රටෙහි වෙනත් පාලන තන්ත්‍රයක් ඇති කරන ලෙසත්  දිඹුලාගල  බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල   රාහුලාලංකාර නාහිමියෝ  මෙහිදී සඳහන් කළහ.

රට හා ජනතාව පත්ව ඇති  ආර්ථික පීඩනය නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට  අනුබද්ධිත  වෙහෙර  විහාරස්ථාන රැසක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානමාන නොලැබෙන බවත්, මෙම තත්ත්වයට වගකිව යුත්තේ වත්මන් රජය බව ද රාහුලාලංකාර නාහිමියෝ  පැවසූහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විශ්වාස කරමින් රටේ හැට නව ලක්ෂයක් මෙන්ම මහා  සංඝරත්නය ආශිර්වාද සිදු කරමින් ඔහුට මනාපය ලබා දුන්නේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නමුත් මෙම තත්ත්වය පසෙකලා රාජපක්ෂවරු රටේ සියලු දේපල ඇමරිකාවට, චීනයට, මෙන්ම  ඉන්දියාවට  විකුණා දැමීමට  සැලසුම් කරන බවත්, සියලු රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් වී ඔවුන්ගේ නිජබිම් වන ඇමරිකාවට යන ලෙසටත් නාහිමිවරුන් සඳහන් කළහ.

ජනාධිපතිවරයා ඉල්ලා  අස්නොවුනහොත්, පොළොන්නරු  දිස්ත්‍රික්කයේ සියලු ගොවීන් මෙන්ම, මහා සංඝරත්නය එක්ව මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් නාහිමිවරු මෙහිදී රජයට දැන්වූහ.

මෙම අවස්ථාවට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ උතුරු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකාර, ඇල්ලේවැව  අශෝකාරාමාධිපති මහනුවර විචිත්‍රලංකාර යන නාහිමිවරුන් මෙන්ම ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, දිඹුලාගල මහා කාශ්‍යප මහා පිරිවෙනේ සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විශාල පිරිසක් වැඩම කර සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් අරගලයට සහාය පලකළ සිසු විරෝධතාවට පහර දුන් පොහොට්ටු මන්ත්‍රි අත් අඩංගුවට!

Next Post

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ රෝහල්වල  ඖෂධ හිඟය පිළිගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.