සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවි නායකයන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළ මැරයින් ලඟ නීතිය නමන පොලිසිය ඉදිරි ව්‍යසනවල වගකීම භාර ගත යුතුයි!

ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි!

by editor
අගෝස්තු 21, 2023
in පුවත්
ගොවි නායකයන්ට අමානුෂික පහර දුන් මැරයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකරන හම්බන්තොට වරාය පොලිිසය ඉදිරිපිට අද (21) දහවල් පැවති විරෝධතාවය...

ගොවි නායකයන්ට අමානුෂික පහර දුන් මැරයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකරන හම්බන්තොට වරාය පොලිිසය ඉදිරිපිට අද (21) දහවල් පැවති විරෝධතාවය...

Share on FacebookShare on Twitter

දේශපාලන බලය සහිත නීති විරෝධී ජල කොල්ලකරුවන් විසින් ගොවි නායකයින් ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රහාර හමුවේ පොලිස මුනිවත රකින ආකාරය බරපතල ප්‍රශනයක් බවත්, නීතිය ක්‍රියාත්මක නොකර  මැරයන් නිදැල්ලේ හැර දමා මේ ගොවි නායකයන්ගේ ජීවිත අනාරක්ෂිත කිරීමේ  පූර්ණ වගකීම පොලිසිය විසින් භාරගත යුතු බවත්  ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

2023-07-27 වැනි දින කේ.ඒ .අජිත් කුමාර   ගොවි නායකයාට ,  මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී  නාදුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමායාමත්,  පසුගිය සතියේ අඟහරුවාදා (2023-08-15)   ජී. කරුණාතිලක (54)   ගොවි නායකයාට   UD-60 හි,  29 වැව ආසන්නයේදී   නාඳුනන පිරිසක් විසින් පොළු මුගුරු වලින් අමානුෂික ලෙස පහර අත් පා කඩා දැමීමේ නින්දිත අපරාධයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර හම්බන්තොට වරාය පොලිසිය මේ නිර්මාණය කර ඇත්තේ බිහිසුණු ව්‍යසනයක් සඳහා ප්‍රවේශ මාර්ගය බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

බවත්  ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මේ සම්බන්ධව නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

වලව ගොවි කලාපයේ මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් ඉලක්කකර හදුනානොගත් කණ්ඩායම් අමානුෂික ලෙස පහර දී සිදුකරන වද හිංසා වලට එරෙහිව වහා පියවර නොගැනීම සම්බන්ධවයි.

යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය ලබාදීම කල්යාමත් සමඟ මතුවු දැඩි ජල හිඟයට සමස්ථ මයුරපුර කලාපයම මුහුණ දී සිටියි. මයුරපුර මහවැලි බල ප්‍රදේශයට අයත් ගොවි පවුල් 5300 ක් නියෝජනය කරයි. මෙම කොට්ඨාසයේ ගොවි සංවිධාන 86ක නායකත්වය දරන ගොවි නායකයින් පවතින උග්‍ර ජල හිඟය, වන අලි වගාවන්ට කරන හානිය හා ආර්ථික ගැටළු වලට අධික ලෙස මුහුණ දෙමින් කටයුතු කරන ගොවි කණ්ඩායම් වෙත අවශ්‍ය සහායන් සඳහා මැදිහත් වෙමින් සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උග්‍ර නියං තත්වයට අනුව වගාවට ජලය ඉල්ලීම් කරමින්, විවිධ අයුරින් නිදහස් කර ගන්නා ජලය පීඩාවට පත් ගොවීන්ගේ ගොවි බිම් වෙත රැගෙන ඒමට දරන්නේ අපමණ වෙහෙසකි. මහා පරිමාණයෙන් වගා බිමි සිදුකරමින් සිටින පුද්ගලයන් හා අනවසර වගා කරුවන් ඔවුන්ගේ වගාවන් හා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා ජලය ලබා ගැනීමට කටයුතු කරයි. එවැනි වගා කරුවන් බොහෝ විට නීතිමය තත්ත්වයන්ට වඩා  මුදල් බලය, මැර බලය හා දේශපාලන බලය යොදා ගන්නා පිරිසකි. ඒවාට විරුද්දව කටයුතු  කරන ගොවි නායකයින් ජල මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට හා  පීඩනයන්ට හසුවන අය බවට පත්ව ඇත.

පසුගිය මාසක කාලයක් තුල මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් දෙදෙනෙකු වෙත සිදුකරන ලද අමානුෂික ප්‍රහාරයන් මගින් එක් අයෙක් මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

පහර දීමේ සිද්ධි අංක 01.

2023-07-27 වැනි දින ප:ව: 6.00 ට කේ.ඒ .අජිත් කුමාර වන අවුරැදු 47 වු ගොවි නායක මහතාට ,මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී  නාදුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමායාම.

පහර දීමේ සිද්ධි අංක 02.

2023-08-15 වැනි දින ප:ව: 7.00 ට පමණ ජී. කරුණාතිලක නම් වු අවුරැදු 54 වන ගොවි නායක මහතාට UD-60 හි,  29 වැව ආසන්නයේදී   නාඳුනන පිරිසක් විසින් පොළු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දී දෑත් දෙපා කඩාහානි සිදු කර ඇත.

ඉහත සිදුවීම 2023-07-27 දිනද ,දෙවැනි සිදුවීම 2023-08-17 දිනයේදී ද වරාය පොලීසියේ පැමිණිලි කොට ඇත. එහෙත් මේ සදහා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර මැර බලය භාවිතා කරන පිරිස තවමත් නිදැල්ලේ පසුවෙති.

ගොවි පවුල් විශාල පිරිසක් නියෝජනය කරන මෙම ගොවි නායකයින් මුහුණ දී ඇති තත්වය ඉතාම ඛේදනීය බවත් එවන් තත්වයකට ඔවුන් පත්වීමට කිසිදු හේතුවක් නොමැති බවත් අප මෙහිදි මතක්කර සිටිමු.

මෙම අමානුෂික ප්‍රහාරයන් සඳහා වගකිවයුතු මැර කණ්ඩායම් ඉතා ඉක්මනින් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව පොලිසියට අපගේ අප්‍රසාදය පළ කරමු.  ඒසේ මැදිහත් වීමක් සිදු කිරීමට පොලිසිය අපෝසත් වන්නේ කාගේ වුවමානවෙන්ද හා බලපෑම් නිසා ද යන්න ජනතාවට හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටිමු.

දැනටමත් සමනලවැව මගින් ජලය උඩවලව ජලාශයට නිකුත් කොට දින 10 ගත වී ඇතත් ප්‍රමාණවත්ව ගොවි බිම්වෙත ජලය ලැබී නොමැති තත්ත්වයන් තුළ ගොවීන් අතර, ජලය බෙදා ගැනීමට අදාලව විවිධ ගැටුම් වර්ධනය වෙමින් පවතී. ඉතා කඩිනමින් ගොවින්, මහා පරිමාන අනවසර වගා හිමියන් අතර ඇති විය හැකි ගැටුම් වලක්වා ගැනීමට වහා පියවර ගැනීමට මහවැලිය, කෘෂිකර්ම හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුය.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලෙ ඉන්නට ඉඩහැරීම ගොවි නායකයින්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව මතක්කල යුතුව ඇත. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස ගොවි නායක ජීවිතයකට හානි සිදුවුවහොත් එහි වගකීම භාරගැනීමට අපරාධකරුවන්ට නිදැල්ලෙ සීටීමට හැර මුනිවත රකින පොලීසිය බාර ගත යුතුය.

ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 15ක දැරියක් වසර 02ක් පුරා 10 දෙනෙක් අතින් දූෂණය වෙලා… 09ක්ම පවුලේ ඥාතීන්!

Next Post

අතුරු වෛද්‍ය සේවා බ්‍රහස්පතින්දා (24) වර්ජනයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.