කොළඹ දිස්ත්‍රික්කය තුළ අද උදෑසන 6.00ට ගෙවුණු පැය 24 ක කාලය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයෙනි.
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රෙද්ශය තුළින් මේ අයුරින් ආසාදිතයන් 149 දෙනකු වාර්තා වී ඇති අතර ඊට යාබද පිළියන්දල ප්‍රදේශයෙන් රෝගීන් 59ක් වාර්ති වී ඇති අතර එම සංඛ්‍යාව කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පිටත හමුවූ දෙවැනි විශාලතම සංඛ්‍යාව වෙයි.
මෙම ප්‍රදේශයේ විශේෂත්වය වන්නේ පසුගිය මැයි 01 වැනිදා පිළියන්දළ පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමෙන් අනතුරුව අමාත්‍ය ගාමිණි ලොකුගේගේ බලපෑමෙන් එම හුදකලා බව ඉවත් කල පිළියන්දල සහ ඊට යාබද කැස්බෑව ප්‍රෙද්ශවල මෙසේ වැඩම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමය.
කොළඹ දිස්ත්‍රික්කයේ අද උදෑසන වනවිට වාර්තා වුණු සමස්ත රෝගීන් ගණන 531ක් වන අතර එයින් 85ක් කොළඹ මහනගර බලප්‍රෙද්ශය තුළ වාර්තා වී ඇත.
ගෙවුණු පැය 24 තුළ දී දිවයින පුරා වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිතයින් ගණන 1914කි.ඊයේ දිනය තුළ තහවුරු වූ ආසාදිතයින් ගණන 1500 ඉක්මවා ගියේ අඛණ්ඩව සිව් වැනි දිනට ය.