දිවයින පුරා මෙවර අප්‍රේල් මාසයේදී රියඅනතුරු 1959 ක් සිදුවූ බවත් එම අනතුරුවලින් පුද්ගලයින් 205 දෙනෙක් මිය ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සමස්ත රිය අනතුරුවලින් පුද්ගලයින් 1254 දෙනෙක් තුවාල ලැබූ බවත් බරපතල තුවාල ලැබූ අය 461 දෙනෙක් සිටින බවත් අජිත් රෝහන මහතා කීය.
වැඩිම රිය අනතුරු සිදුව ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ගණන 768 ක් වන බවත් ඔහු සදහන් කළේය.
වයඹ පළාතෙන්ද රිය අනතුරු 237 වාර්තාවී ඇති බවත් දෙවැනියට මෙවර වැඩියෙන්ම රිය අනතුරු සිදුව ඇත්තේ වයඹින් බවත් ඔහු පැවසීය. වයඹ සහ බස්නාහිර පළාත් දෙකේ පමණක් සිදුවූ රිය අනතුරු සමස්ත රිය අනතුරුවල ප්‍රතිශතයක් වන්නේ සියයට 51 ක් බවද ඔහු කීය.
යතුරුපැදි සහ ත්‍රී රෝද රථවලින් සිදුවන අනතුරු වැඩියෙන්ම වාර්තා වී ඇතැයිද ඔහු පැවසීය. සතියේ දින හතෙන් සදුදා දිනත් සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 8.00 ත් අතර අනතුරු වැඩියෙන් සිදුවන බවට වාර්තාවන බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.