හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්රදේශයක දී මෝටර් රථයක් කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන ජල නලයක වැදී අද (17) අළුයම සිදුවුන අනතුරක් හේතුවෙන් නලයක් පුපුරා පිපිරී යෑම නිසා ප්රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.
ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ජල නලයේ ගැටීමෙන් පසු යළිත් විසි වී පැමණ මාර්ගයටම වැටී ඇතැයි පොලිසිය කියයි. ඒ වනවිට නිකුත් වූ අධික පීඩනය සහිත ජල දහරාවෙන් අසල තිබූ විදුලි රැහැන් පද්ධතියක කනුවක් ද ගැලවී ගොස් වැටී තිබෙනු පෙනුණි.
අද (17) අලුයම අධික පීඩනයක් සහිතව ජලය විශාල ජල කඳක් ලෙස ඉහළට ඇදුන ද දැන් තත්ත්වය පාලනය වී තිබේ. අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
තවමත් එම නලයෙන් ජලය පිටවෙමින් ඇති ආකාරය පහත දැක්වේ.