අමායා උඩුවැරැල්ල
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් බලා අද (11) පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ගුවනේදී තාක්ෂණික දෝෂයකට ලක්වීමෙන් එහි සිටි මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ගුවන්යානය LATAM එයාර් ලයින්ස් සමාගම ට අයත් එකකි.
කෙසේ වෙතත් ගුවන්යානය ඕක්ලන්ඩ් වෙත සාර්ථකව ගොඩ බස්වා තිබෙන අතර ඒ වන විටත් ගුවන්තොටුපල වෙත ලඟා වී තිබුනු ඕක්ලන්ඩ් දේශීය ගිලන්රථ සේවය තුවාල ලැබූ මගීන් ට ප්‍රතිකාර කර තිබෙනවා. ඉන් මගීන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන අතර එක් අයෙකු හැර අන්‍යයන් ගේ තත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
LATAM එයාර් ලයින්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මගීන්ට ඇති වුනු අපහසුතාවන් සහ තුවාල පිලිබඳව ඔවුන්ගේ කනගාටුව දක්වා තිබෙනවා.