දළදා මාළිගා පරිශ්‍රයෙ ආරක්ෂාව සඳහා ගුවන් හමුදා භටයන් 11 දෙනෙක් රඳවා තිබියදිත් ශ්‍රී දළදා මාලිගා අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කර වූ බව කියන ඇමරිකානු ජාතිකයෙකු දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
දළදා මාලිගා පරිශ්‍රය තුළ ඩ්‍රෝන කැමරා පියාසර කරවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් අවසර නොදෙන තත්ත්වයක් තිබිය දී එවන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත වුවහොත් ඒ සමබන්ධව නිශ්ඡිත නීත්‍යානුකූල පියවරක් ගැනීමට මෙම ගුවන් හමුදා නිලධාරීන් වෙත බලය පවරා නැතැයි ද වාර්තා වේ.
ඩ්‍රෝන කැමරා නිරික්ෂණය කිරිමේ රේඩාර් පද්ධතිය මිහිරිගම ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙන අතර දළදා මාලිගා පරිශ්‍රයට කවුරුන් හෝ ඩ්‍රෝන කැමරාවක් යොමු කරනු ලැබුවහොත් එය අක්‍රීය කිරීමට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණීමට අවශ්‍යය බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.
දළදා මාලිගා පරිශ්‍රයට ඩ්‍රෝන කැමරා යැවූ පුද්ගලයින් පසුගිය කාලයේ දී අවස්ථා ගණනාවක දී ම පොලිස් අත්අඩගුංවට පත්විය.
මෙවන් තත්ත්වයක් තුල ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා ගැටලුකාරී තත්ත්වයක් ඇති බැවින් ඩ්‍රෝන කැමරා පියාසර කිරීම වැළැක්වීම සඳහා ඩ්‍රෝන ජෑමර් (Drone jammer) උපකරණයක් සවිකළ යුතු බව ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ.
මෙම උපකරණ විශේෂ අවස්ථාවලදි පමණක් දළදා මාලිගා පරිශ්‍රයේ සවිකරන බව ද දැන ගන්නට තිබේ.