කොලොම්බියාවේ කැලී හි පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා කනිෂ්ඨ ශූරතාවය සදහා මුහුණ දීමට සිටි ශ්‍රී ලංක යොවුන් කණ්ඩායමට ගුවන් ටිකට් පත් සපයා දීමේ වගකීම ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගම විසින් පැහැර හැරීම නිසා එම තරගාවලිය මගහැරී ගොස් තිබේ.
හෙට කොලොම්බියාවේ පැවැත්වෙන කණිෂ්ඨ ලෝක මළල ක්‍රීඩා උළෙලට අවශ්‍ය පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගනු ලැබුවේ මීට මාස එක හමාරකට පෙරය.
මෙම යොවුන් ක්‍රීඩකයින් ඊයේ (29) රාත්‍රියේ දිවයිනෙන් පිටත් වීමට නියමිතව සිටියේය. ඔවුන් සඳහා අවශ්‍ය අනුමැතිය, මූල්‍ය ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමත කර තිබුණු අතර ගුවන් ටිකට් පත් සපහා දීමේ වගකීම ශ්‍රී ලංකා මළලක්‍රීඩා සමගම වෙත පවර තිබිණි.
එහෙත් ගුවන් ටිකට්පත් නොලැබීම නිසා මේ අවස්ථාව ශ්‍රී ලංකා යෞවනයන්ගෙන් ගිලිහී ගියේය. මේ ලංකාවේ සිටි විශිෂ්ටම යොවුන් ක්‍රීඩකයින් 07 දෙනාය. ජාත්‍යානත්ර තලයේ දී ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීම සඳහා තිබුණු විශිෂටම ප්‍රධාන අවස්ථාව මෙයය.
මෙම ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණු කරුවන් සහ දෙමව්පියන් ඊයේ රෑ එළිවන තුරු ටොරින්ටන් හි ක්‍රීඩාගාර ගෙඩනැගිල්ලේ රැඳෙමින් සාධාරණයක් අපේක්ෂාවෙන් විරෝධතාවය නිතරවූහ.
බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මේ විනාශ වී ගියේ ජාතියේ සම්පත් ලෝකයට විකසිත කිරීමේ අවස්ථාවක් බවත් මෙවැනි වගකීම් රහිත නිලධාරීන්ගේ පවත්වාගන්නේ කුමණ පදනමකිනද යනන් මේ වනවිට සමාජයේ දැඩි සංවාදයකට ලක් වී තිබේ.
ඇමතිවරයා කණගාටුව පල කළ නිවේදනය