ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානා කිහිපයක් බදු පදනම මත ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ගුවන් යානා හය හතක පමණ කල්බදු කාලය නුදුරේදීම අවසන් වන නිසා නව ගුවන් යානා කිහිපයක් මෙලෙස බදු පදනම මත ලබා ගැනීමට මෙම කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
“ඉදිරි මාස තුන ඇතුළත සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අපට ශ්‍රී ලංකන් ගුවන් සේවය අඛණ්ඩ සේවාවක් සපයනු ඇති බව සහතික කිරීමට අවශ්‍යයයි. ”
“කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක ගුවන් යානයක් හෝ හිමි නෑ. ගුවන් සමාගම දැනට නඩත්තු කරමින් ඉන්නෙ කුලියට ගත් ගුවන් යානා 24ක්“ ඇමතිවරයා පැවසීය.