සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු වැටුප් වැඩි කරන්න බෑ… ලබන අයවැයෙන් රාජ්‍ය සේවයේ සමස්ථය සලකා සාධාරණයක් කරන්නම්… ජී.එල් කියයි.

by editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරුවරුන්ගේ ගැටලුව විසඳන්නට තිබෙන හොඳ ම සහ සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා බලා සමස්ත රාජ්‍ය සේවය ම පිළිබඳ සාධාරණයක් කිරීම බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.

අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ අද (09) දින බත්තරමුල්ල නෙළුම් මාවතේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“ අවුරුදු 24ක් තිස්සේ ඇදී ආ ඓතිහාසික ගැටලුවක් වන ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව එසේ ම තිබිය දී රජයයන් ගණනාවක් රට පාලනය කළා. නමුත් ළමුන්ට උගන්වන්නේ නොමැති බැව් හෝ අධ්‍යයන කටයුතුවලින් ඉවත්වන බවක් කිසිම අවස්ථාවක ගුරුවරුන් විසින් මතු කළේ නෑ. රට ම කොරෝනා අවදානමක තිබිය දී, රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවය ලෙස පවතිද්දී මෙසේ ඉතිහාසයේ කිසි ම දවසක නොකළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම යුක්ති සහගත ද යන ගැටලුව මතුවෙනවා. හෘද සාක්ෂියට අනුව එය කොයිතරම් නම් සාධාරණ ක්‍රියාමාර්ගයක් දැ යි සිතිය යුතුයි.“

මේ පිළිබඳ රජය සංවේදී නොවේ යැ යි කිසිවකුට ත් පැවසීමට නොහැකි යි. ගැටලුව යට ගැසීමට හෝ අමතක කිරීමට රජය කටයුතු කරනවා යැ යි පැවසීමට ද කිසිවකුට කිව නොහැකි යි. මේ පිළිබඳ සාකච්ඡා කරන්නට වෘත්තීය සමිති නියෝජිතයන් කීප වතාවක් ම මුණගැසුණා. මා සමඟ කැබිනට් ඇමතිවරු ද ඒ සඳහා එක් වූනා. එමෙන් ම එම සාමාජිකයින් සමඟ ගරු අග්‍රාමාත්‍යතුමා, කැබිනට් අමාත්‍යවරු 07ක් සමඟ සාකච්ඡාවක් ද පැවැත්විණා.

මේ ගැටලුවේ දී වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාව සමඟ අනිවාර්යයෙන් ම සාකච්ඡා කළ යුතු යි. ඒ අයගේ අදහස් සහ නිර්දේශ ද ලබා ගත යුතු යි. කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ දෙවතාවක් ම සාකච්ඡාවට බඳුන් කළා. ඊළඟ අය-වැයට තවත් අවුරුදු දෙක තුනක කාලයක් නෑ.. තිබෙන්නේ මාස 03ක පමණ කාලයකි. නමුත් ඔවුන්ගේ දැඩි ඉල්ලීම අද ම ගැටලුව විසඳන ලෙස යි.

“දේශපාලන අරමුණකින් තොර අති බහුතර ගුරවරුන්ට මා යොමු කරන පැනය වන්නේ එවැන්නක් ඉල්ලීම මේ අවස්ථාවේ කොයිතරම් යුක්ති සහගත ද යන්න යි. අපි ඉතාමත් සතුටට පත්වන්නේ උද්ඝෝෂණ, රථ පෙළපාලි වැනි දේ ඇතැම් අය විසින් නැවැත්වීම සම්බන්ධයෙන්. එවන් දේ පැවැත්වීමෙන් රටේ සමස්ත ජනතාවගේ ජීවිත තර්ජනයකට ලක්වෙන බව ත් කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වැඩියෙන් සිදුවන බව ද පැහැදිලි ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවෙදි අපට බැන්නට රනිල් වැක්සීන් එක ගත්තෙත් අපෙන්… ශවේන්ද්‍ර කියයි

Next Post

කරන කරන ඇන්ටිජන් එක පොසිටිවු… දැන් රාජකාරියට උපකාර අවශ්‍යයයි… පී.එච්.අයි ලා කියති.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.