මෙරට ගුරු දිනය සැමරෙන හෙට (05) දිනයේ ගුරු විදුහල්පතිවරු දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක නිරත වෙති.
වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව හෙට උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේය.
මිට පෙර පැවැත්වූ උද්ඝෝෂණ නිරෝධායන ඇඳිරි නීතිය නිසා නැවැත්වූ නමුත් ගුරු සංගම් මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත් වී විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන ගියහ.
ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංගමය මින් පෙර නිවේදනය කළේ සෑම විදුහල්පත්වරයෙක්ම නිවස ඉදිරියේ කළු කොඩි ඔසවමින් ද විරෝධතාවය ප්‍රකාශ කරන බවය.