පවතින ගෑස් අර්බුද සම්බන්ධයෙන් ලීට්‍රෝ සමාගම වත්මන් ටෙන්ඩරය දී ඇති ඕමාන් ට්‍රේඩිං සමාගමට එරෙහිව නීති මඟට පිවිසීමට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු නොකරන්නේ මන්දැයි ලීට්‍රෝ සමාගමේ සේවකයෝ විමසති.
ඔවුන් පෙන්වා දෙන්නේ කිසියම් හෙයකින් ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙනැවිත් ඇත්නම් එය මුදල් අමාතයාංශයේ, කැබිනට්ටුවේ හා අදාළ පාර්ශ්ව සියල්ලන්ගේ අනුමැතිය මත ඔවුන්ගේ අනුදැනුම පිට සිදුවී ඇති බවය.
සමාගමේ සභාපතිවරයා යනු දේශපාලන පත්වීමක් පමණක් බවත් ඔහු කළ යුත්තේ ඉහළ හස්තයෙන් දෙන නියෝග ක්‍රියාත්මක කිරීම බවත් මේ සිදුවී ඇත්තේ ද එය බවත් ඔවුහු කියාසිටිති.
ජනතාවට බිල්ලෙක් මවා බියගන්වා ඇත්තේ අවසානයේදී අලුත් ගෑස් සමාගමක් ගෙනඒමට බව ද ඔවුන් කියා සිටී.
ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ලීට්‍රෝ සුරැකීමේ සංවිධානය මේ බව පැවසීය.
ලීට්‍රෝ සුරැකීමේ සංවිධානයේ සභාපති නලින් සමන්ත මහතා පැවසුවේ,
“දැන් ගෑස් ටෙන්ඩරය තිබෙන්නේ ඕමාන් ට්‍රේඩිං සමාගමට. මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සහ කැබිනට් එක අනුමත කරලා තමයි ටෙන්ඩරය දුන්නේ. අපිට හිතුමතේට ගෑස් සංයුතිය වෙනස් කරලා, හොරෙන් මේ මිනී මරන්න කියලා ඉවර වෙලා ගෑස් ගෙන්නන්න බෑ මේකට. අමුතුම බිල්ලෙක් මවල පෙන්නලා තියෙනවා මුන්ට මේක දීගන්න බෑ ඔන්න ගෑස් දීගන්න බෑ අපි මැදිහත් වෙනවා මේකට කියලා. අපි ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙනාවනම් ඒකට ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්. ඒකට ඉන්නවා කැබිනට් මණ්ඩලයක්. ඔවුන්ගේ අනුමැතිය මතයි මේක වෙලා තියෙන්නෙ. මොකද මේ ටෙක්නිකල් රිපෝට් එක අත්සන් කළෙත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක්. ඇයි එහෙම නම් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඕමාන් ට්‍රේඩින් එකට විරුද්ධව නීතිය ඉදිරියට යන්න ඕන. නැව් දෙකක් ඇවිල්ල තියෙනව අපේ. පාරිභෝගික අධිකාරියෙන් ගත්ත රිපෝට් එකත් අපි ගත් ජියෝකැප් රිපෝට් එකත් එක හා සමානයි. ඉතින් ඊයෙ හවස ආයෙ රිපෝට් එකක් ගත්තා. ගත්තට පස්සේ ලික්විඩ් එකෙන් අන්න සමාන වුණා. දැන් අපි ගෙනාපු නැවේ ගඳ-සුවඳ කෙමිකල් එක තියෙනවා. අපි බාල ගෑස් එකක් ගෙනාවා ගෙනාවා නං ඇයි ඒ නැව රිලිස් කලේ. ඇයි බෝතල් රිලීස් කරන්න කියලා කිව්වේ. ඒකෙන් ඩැමරේජ් ගෙවන්න වුණේ ජනතාවගේ මුදල්වලින්. දැන් හිරු මාධ්‍යයෙන් හෙළිකලානේ මේ දේ. මෙන්න මේක තමයි දැන් වෙන්න යන්නේ. (අලුත් ගෑස් සමාගමක්? පුවතේ මුද්‍රිත පිටපතක් පෙන්වමින්) මෙන්න මේක තමයි අන්තිමට වෙන්න යන්නෙ. මෙන්න මේ තැනට තමයි දැන් හදන්න හදන්නේ කම්පැනිය. අපි ජනතාවට අඩුවෙන් gas දෙන ක්‍රමවේදයක් හදාගත්තා. අපට ඒ නැව් ටික ගේන්න දුන්නේ නෑ. මේ මාෆියාව විසින් මිනිසුන්ව බයට පත් කළා. මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ප්‍රමිති ආයතනය. බාල වර්ගයේ හෝස් වයර්, රෙගියුලේටර් සහ ගෑස් ලිප් චීනයෙන් ගෙනාපුවා වෙළෙඳ පොළේ තියෙනවා. පාරිභෝගික අධිකාරියටත් මේකෙ වරදක් තියනවා. කුණ්ඩසාලේ කාන්තාවගේ වෙච්ච මරණය එතුමිය පාන්දර 3.30ට ගෑස් ලිප් ඔන් කරන්න ගිහින් තියෙනවා එතකොට හෝස් එකේ ලී එකක් වෙලා ගින්න ඇතිවෙලා තියෙනවා. හෝස් එකට පාවිච්චි කරලා තියෙන්නේ බිඩර් ෂවර් එකේ වතුර බටයක්. වතුර බට පාවිච්චි කරන්න බෑ ගෑස් එකකට. ගෑස් එක ගිනි ගන්නා සුළුයි. ලීටර් 18 ගෑස් සිලින්ඩරේ ඕන ඕන විදිහට නිලධාරීන්ට gas වෙනස් කරන්න බෑ. මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීතුමා ලංකා බැංකුව මහජන බැංකුවේ ඉහළ නිලධාරීන් වෙළඳ අමාත්‍යතුමා පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා මේ කට්ටියම ඉන්න මීටින් එකේදි තමයි මේ හයිබ්‍රිඩ් කියන අලුත්ම සිලින්ඩර් ආවෙ දැන් කාටවත් මේක මේ මගාරින්න බෑ. ඒ හැමෝගෙම අනුදැනුම මතයි මේක අරගෙන ආවේ. මම අහන්නේ එක ප්රශ්නයයි. ඇයි ඕමාන් ට්‍රේඩිං සමාගමට නීතිය හමුවට යන්නේ නැත්තෙ? සභාපති පත් වෙන්නේ දේශපාලන පත්වීමකින්. මොන සභාපති ආවත් ඉහළින් හස්තය දෙන දේවල් ක්‍රියාත්මක කරන්න ඉන්නේ. ඉහළින් ආවෙ මේක. “