කීර්ති ප්‍රනාන්දු –
කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 210 – 250ත් අරත මිලකින් ඉහළ යන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ඊට සාපේක්ෂව අනෙක් ගෑස් සිලින්ඩරවල මිල ද ඉහළ යනු ඇත.
තව පැයකින් පමණ මේ මිල වැඩිවීම ප්‍රකාශයට පත් කරන බවත් මෙතෙක් එම මිල ගණන් ප්‍රකාශ නොකළේ සමාගමට දරාගත හැකි ප්‍රමාණය තවදුරටත් වැඩි කර පාරිභෝගිකයා මත පැටවෙන බර අඩු කිරීමට හැකි ආකාරය සොයා බැලීමට බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් කිසිම ගෑස් හිඟයක් නොමැති බවත් හෙට වනවිට ලංකාවේ සෑම ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයකින්ම ගෑස් ලබා ගත හැකිවනු ඇති බවත් සභාපතිවරයා කියයි.