-
අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි… ධනුෂ්ක අත්අඩංගුවේ සිටියි දී ශ්‍රි ලංකා කණ්ඩායම ලංකාවට එයි…
-
ආබාධයකට ලක් වී සිටිය දී ඔහු ශ්‍රී ලංකාවට එවන්නේ නැතිව සංචිතයේ තබා ගන්නට බලධාරීන් කටයුතු කරලා…
ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු තරුණියක විසින් සිදුකළ පැමිණිල්ලකට අනු dating app හරහා ඔහුට මුණගැසුණු 29 හැවිරිදි තරුණියකට ඔහු විසින් සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී මෙම ලිංගික අතවරය කර ඇති බව The Australian වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළය
.මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ තිබේ.අද පස්වරුවේ ධනුෂ්ක ගුණතිලකව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.වය.
ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් පසු ඔහු නොමැති ශ්‍රි ලංකා කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමෙන් ඉවත් කළත් ඔහු ශ්‍රී ලංකාවට එවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේ නැත. අශේන් බණ්ඩාර ඔහු වෙනුවට කැඳවා ඔහුව සංචිතයේ තබා ගැනීමට ඔවුහු කටයුතු කළහ.
ධනුෂ්ක ගුණතිලකට මේ වනවිට ස්ත්‍රීන් සම්බන්ධව ලිංගික චෝදනා 04ක් එල්ල වී ඇති බවට තොරතුරු වේ.
තරගයක් අතරතුර කාන්තාවක් හෝටල් කාමරය තුළ රඳවාගෙන හිඳීම, දකුණු පළාතේ හෝටලයක දී තරුණියකට ලිංගික අතරවර කරන්නට ගොස් බරපතල ලෙස ඇයගේ ඥාතීන්ගේ ප්‍රහාරයකට ලක් වීම, එංගලන්තයේ දී කොවිඩ් නිරෝධායන බුබුල කඩ කර අයාලේ ගොස් ක්‍රිකට් තහනමකට ලක් වීම ඇතුළු බරපතල විනය චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වී තිබිණි.
ඔහුව කණ්ඩායම නියෝජනය කරවමින් ක්‍රිකට් ගස්සවන්නේ මෙවැනි පසුබිමක් තුළ වීම බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත කර තිබේ.
ඩේලි මේල් වෙබ් අඩවිය සිද්ධිය වාර්තා කර තිබුනු අයුරු…