අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් පිපිරීම් ගැන ජනපතිගෙන් රහසිගත විමර්ශනක්

by Lanka Sara Editor
ජනවාරි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී ඇති බැවින් ජනාධිපතිවරයා මේ වනවිට ගෑස් පිපිරීම් සම්බන්ධව රහසිගතව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“අපි මේ අලුත් අවුරුද්ද ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන. කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. එම නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා. ගෑස් වල ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ගෑස් පිපිරීම් වාර්තා වෙනවා. මේ ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙනවා. කොළඹ හතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. උතුරු පලාතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. නුවර කුරුණෑගල ගෑස් පිරෙන්නේ නැහැ. එනිසා මේ ගෑස් පිපිරීම් ගැන අපි විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරනවා. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙනවා . රටේ ජනතාව අතර මේ වන විට කුතුහලයක් ඇති වී තිබෙනවා මේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන්. ජනතාව මේ වන විට ගෑස් පරිභෝජනය සම්බන්ධයෙන් බිය වී තිබෙනවා. මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසඳුම් ලැබෙනු ඇති බවට මම විශ්වාස කරනවා.”

“මේ කොවිඩ් වසංගතයෙන් වැඩියෙන්ම බැට කෑවේ පාසල් දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. ඔවුන්ට තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට තිබුණු අවස්ථා මග හැරුණා. ඔවුන් පීඩනයට පත්වුණා. ඉදිරියේදී මේ කොවිඩ් වසංගතයෙන් අපිට ගොඩ ඒමට පුළුවන් වෙතැයි මා විශ්වාස කරනවා.

පසුගිය කාලේ ගුරු මහත්ම මහත්මීන් ආණ්ඩුවට බල කළා ඔවුන්ගේ ගැටලුව විසඳන්න කියලා. අපි මේ වන විට ගුරු මහත්ම මහත්මීන්ගේ ගැටලුව විසඳා අවසන් කර තිබෙනවා. ආණ්ඩුව මේ ගැටලුව විසදන්න හදද්දි විවිධ දේශපාලන පක්ෂවල අය මොවුන්ව උද්ඝෝෂණ වලට උසිගැන්නුවා. අපේ ගෞරවනීය ගුරුවරුන්ගෙන් සමහර අයව පාරට බැස්සුවා. මෙවර අයවැයෙන් ගුරුවරුන්ගේ ගැටලුව විසදන්න මුදල් වෙන් කළා. පක්ෂයටත් විරුද්ධව අයවැයේදී ඡන්දය පාවිච්චි කළා. ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියපු අය ගුරුවරුන්ට වෙන් කළ මුදල වත් අනුමත කළේ නැහැ.” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (6) සහභාගි වෙමිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් පිපිරීම්වල වගකීම භාරගන්නේ නෑ… ලිට්‍රෝ සභාපති කියයි!

Next Post

ජාතික රූපවාහිනියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.