ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් වූ නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම් ලා තිබුණත් සිය සමාගම සතුව ගෑස් තොග ඇත්තේ හෙට දිනය සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
අදාල නෞකා සඳහා හෙට දිනය වනවිට මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ගෑස් හිඟය යළිත් වරක් උග්‍රවීමේ අවදානමක් ගැන ද සමාගම පෙන්වා දෙයි.
දිවයිනට ලඟා වී ඇති ගෑස් නෞකා සඳහා ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් මේ වනවිටත් ප්‍රමාණවත් සැපයුම් කරගත නොහැකිව රට පුරා ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.