ගැබිනි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන අඩාල වී ඇතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශෙෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.
සුදුසුකම් ලබා සිටින ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබන 14 දිනව වනවිට ලබා දී අවසන් කළ යුතුව ඇතැයි හෙතෙම පවසයි.
ගැබිනි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන පසුගිය 09 දා සංකේතාත්මකව ආරම්භ විය. එහිදී අවදානම් කණ්ඩායම ලෙස හඳුනා ගන්නා ලද ගැබිණි මව්වරුන්ට කෙරෝනා එන්නත ප්‍රමුඛතාවය ලබා දෙමින් සිදු කිරීමට අනුමැතිය හිමි වූ බව ද විශේෂ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පැවසීය.
කිසියම් ආකාරයකින් අගෝස්තු මස 14 දාට පසුව ගැබිනි මවක් මියගියහොත් එහි වගකීම එන්නත්කරණ වැඩපිළිවෙළ පැහැර හැර ඇති නිලධාරීන් භාරගත යුතු බව ද හෙතෙම කීය.