ඇහැටුවැව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වෙඩි තබා මරන ලද ගැබ්බර මුව දෙනක් සමග බෝර 12 තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව ඇහැටුවැව පොලිසිය පවසයි.
ඇහැටුවැව බෝගස්වැව ඔය රක්ෂිතයේ දී වෙඩි තබා මරන ලද මුවදෙන සමග බලපත්‍ර රහිත මෙම තුවක්කුව අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව ගනේ දිවුල්වැව පදිංචිකරුවෙකි.
ඇහැටුවැව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.