පානදුරෙන් සහ බලපිටියෙන් ගාලු පාර මේ වනවිට අවහිර වී ඇති අතර මහජනතාව මහා මාර්ගය අවහිර කරමින් දැඩි උද්ඝෝෂණයක නියැලෙමින් සිටිති.
ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ජනාධිතිවරයා ඇතුළු රජයට ඉවත් වන ලෙස බල කරමින් ඔවුන් මේ වනවිට විරෝධතාවක නියැළෙන අතර මේ හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශ හරහා ගමනාගමනයේදී දැඩි බාධා එල්ල වී ඇත.
පානදුර නගරයට අද උදෑසන මහ වැසි වැටුණද එම වැසි නොතකා ජනතාව ඊයේ රාත්‍රියේ සිට මහා මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නියැළෙන අතර ඔවුන් යකඩවලින් ඉදි කළ තාවකාලික වැසි අවරණ මහා මාර්ගය මත අටවාගෙන මෙම විරෝධතාවේ නියැළෙති.
මේ හේතුව නිසා පානදුර කොළඹ ප්‍රධාන මාර්ගයත් හොරණ බණ්ඩාරගම මාර්ගයත් දෙකම අවහිර වී තිබේ.
බලපිටියේ ද අද උදෑසන පටන් ආරම්භ වූ විරෝධතා හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය අවුල් සහගත තත්තවට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.