ලලිත් චාමින්ද
අධිකරණ නියෝගමත බද්දේගම හල්පාතොට නිවර්තන ළමා නිවාසයේ රදවා සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු එම නිවාසයෙන් පැන ගාල්ල නගරයට බස්රථයකින් ගොස් ගාල්ල නගරයේ දි මුහුදට පැන ඇති බවත්, එහි සිටි පිරිසක් මෙම දැරිවියන් දෙදෙනා බේරාගෙන ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි.
මෙම දැරිවියන් දෙදෙනා 16 හැවිරිදිවියේ පසුවු දැරියන් දෙදෙනෙකි. මින් එක් දැරියක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. මෙම දැරිවියන් දෙදෙනා බලපිටිය අධිකරණයේ නියෝගමත බද්දේගම හල්පාතොට නිවර්තන රදවනු ලැබ සිට ඇත.
මෙම දැරිවියන් දෙදෙනා ඉකුත් 25 වැනිදින නිවර්තන නිවාසයෙන් පැන කුමාරකන්ද දක්වා පාගමනින් පැමිණ ඇත. කුමාරකන්දේ සිට බස්රථයක නැගි ගාල්ල නගරයට පැමිණ ඇත.
බස්රථය ගාල්ල නගරයට පැමිණිමෙන් පසු මෙම දැරිවියන් දෙදෙනා පමණක් බසයේ සිට ඇත. මෙය දුටු බසයේ කොන්දොස්තරවරයා දැරියන්ගෙන් ප්රශ්නකොට ඔවුන් දෙදෙනා පොලිසියට කැදවාගෙන යාමට කටයුතු කර ඇත.
එම අවස්ථාවේ දි දැරිවියන් දෙදෙනා මුහුදු පැත්තට දිවගොස් තිබේ. එසේ දිවගොස් එක් දැරියක් මුහුදට පැන ඇති අතර අනෙක් දැරිය එහි සිටි අය අල්ලාගෙන ඇත.
පසුව මුහුදට පැන්න දැරිය එහි සිටි අය විසින් බේරගෙන පොලිසයට භාරදි ඇත.